Thursday, July 30, 2026
Homeදේශීයමහජන විමසීම් සඳහා රාජ්‍ය අයතනයන් සතියක් තුළ පිලිතුරු ලබා දිය යුතුයි

මහජන විමසීම් සඳහා රාජ්‍ය අයතනයන් සතියක් තුළ පිලිතුරු ලබා දිය යුතුයි

රාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වය සහ ඉන්පසු ඇති වූ ඉන්ධන අර්බුදය හේතුවෙන් මහජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.

ජනතාව විසින් ඉදිරිපත් කරන ගැටලු ලිපි සහ දුරකථන ඇමතුම්වලට කඩනමින් පිළිතුරු ලබාදීම සඳහා රාජ්‍ය නිලධාරින් බැඳීසිටින බවත් එම යොමු කරන ලිපි සඳහා වහාම අවශ්‍ය පිළිතුරු යැවීමට කල්ගත වන්නේ නම් සතියක් ඇතුළත ලිපිය ලද බවට වන පිළිතුරු ලිපියක් හෝ ඉදිරිපත් කළ යුතු බවත් චක්‍රලේකයෙන් දැනුම් දෙනවා.

සති 04ක් ඇතුළත අවසන් පිළිතුරු යැවීමට කටයුතු කළ යුතු බවයි චක්‍රලේඛය මඟින් වැඩිදුරටත් අවධාරණයට කර තිබෙන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින්,

READ:   එක්ස්ප්‍රස් පර්ල් නිසා රැකියා විරහිත වූ ධීවරයන්ට වන්දි ගෙවීම ඇරඹෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්