Saturday, June 6, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානයට සුපිරි ජයක්

බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානයට සුපිරි ජයක්

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී බංග්ලාදේශය පරදා කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 7 ක් දැවී ලකුණු 127 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී,

මොහමඩ් නයීම් ලකුණු 6 කටත්, අනමුල් හක් ලකුණු 5 කටත්, නායක ශකිබ් අල් හසාන් ලකුණු 11 කටත් දවා ගැනීමට මුජිබ් උර් රහ්මාන් සමත් වූ අතර මුෂ්ෆිකර් රහීම් එක් ලකුණකට දැවී ගිය අතර, අෆිෆ් හොසේන් ලකුණු 12 කට දැවී ගියා.

මොසඩැක් හොසේන් පන්දු 31 කින් නොදැවී ලකුණු 48 ක් වාර්තා කිරීම කැපි පෙණුනා.

ජයග්‍රහනය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හබා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රහණය තමන් සතු කරගත්තා.

මෙම ජයග්‍රහනයත් සමග ඇෆ්ඝනිස්තානය මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වූ අතර ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර හෙට (01) පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ‘B’ කාණ්ඩයෙන් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

තරඟයේ වීරයා බවට පත් වූයේ ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ Mujeeb Ur Rahman ය.

READ:   විරාත් කෝලි ක්‍රිස් ගේල් සමකරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්