ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී අළෙවිවූ ප්‍රවේශ පත්‍ර වලින් ලද රුපියල් මිලියන 120 ක (කෝටි 12 ක්) මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.
මෙරට සියලුම ක්‍රීඩා දියුණු කිරලීම උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සිදුකරගෙන යනු ලබන උපකාර වැඩසටහනේ තවත් පියවරක් ලෙස මෙම මුදල් පරිත්‍යාගය සිදු කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
මෙම මුදල් පරිත්‍යාගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා අරමුදලේ මූල්‍ය තත්ත්වය තර කිරීම සඳහා රුපියල් මිලියන 100 ක මුදලක්, බර්මිංහැම්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා තරගාවලියට සහභාගිවුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 225 ක මුදලක් සහ මෙවර ආසියානු දැල් පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැල් පන්දු ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 2 බැගින් ද වන මුදල් ප්‍රදානයන් සිදු කර තිබුණා.
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…