අත්තනගලු ඔය ආශ්‍රීතව සහ පහත් බිම් වල පදිංච් ජනතාවට ගංවතුර අවධානමක් ඇතිවීමේ හැකියාවක් පවතින බව දන්වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (15) ප.ව 8 දක්වා වලංගු වන නිවේදනයක් ඊයේ (14 ) නිකුත් කර තිබුණා.
අත්තනුගලු ඔය ද්‍රෝණියේ ඉහල මධ්‍යම සහ පහළ කොටස් වලට සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඉදිරි පැය 3 සහ 48ක කාලය තළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන හා වත්තල යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එනිසා එම ප්‍රදේශයන් තුළ පදිංචි ජනතාව සහ ප්‍රදේශ හරහා ගමන්ගන්නා රථ වාහන පදවන්නන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම කළු ඟග ද්‍රෝණිය ආංශිතව පදිංචි පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට කළු ගඟ පිටාර ගැලීම නිසා ඉදිරි පැය 3 -48 කාලය තුළ ඇතිවියහැකි සුළු ගංවතුර තත්වය පිලිබඳ අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එමෙන්ම කැළණි ගඟ ආශ්‍රිත ප්‍රදේශයන් වන දෙහිඕවිට , රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම,කඩුවෙල ,බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රදේශවල පදිංචි ජනතාව ද ඉදිරි පැය 3-48 කාලය තුළදී කැළණි ගඟ පිටාර ගැලීම නිසා ඇතිවියහැකි සුළු ගංවතුර තත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
අදාළ නිවේදනයන් පහතින්,
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…