රටේ සිදුවන වැරදි නිවැරදි කිරීමේ අයිතිය හෝ මහජන නියෝජිතයින් ලෙස තේරී පත්වීමේ අයිතිය ලැබිය යුත්තේ තමන් (ඔවුන්)නියෝජනය කරන විෂය ක්ෂේත්‍රය තුළ සිදුවන වැරදි නිවැරදි කිරීම පිනිස ක්‍රියා කරමින් එම විෂය ක්ෂේත්‍රය හෙවත් තමන්ගේ පුංචි ලෝකය යහපත් අදූෂිත හා ක්‍රමවත් තත්වයක තබා ගැනීම සදහා ක්‍රියා කරන හෝ ක්‍රියා කර තිබෙන පුද්ගලයින්ටය.
පක්ෂ හා ඒවාහි නායකයින් උගත් කමට පමණක් සීමා නොවූ එවැනි යහ පැවැත්මකටද හිමිකම් කියන අයගෙන් සමන්විත වූ විට දේශපාලන තලය යහපත් වී දේශපාලන ක්‍රමයේද බොහෝ යහපත් වෙනස් කම් ඇති කිරීමට හේතු වනු ඇත. රටේ පරන දේශපාලන පක්ෂවලට එකතුවී සිටින වැඩි පිරිසක් සේම අලුතෙන් දේශපාලනයට එකතු වෙමින් සිටින බොහෝ දෙනෙක්ද එවැනි ඉතිහාසයකට හිමිකම් කියන්නන් නොවන බව බැලූ බැල්මට පෙනේ.
රටේ හැම වැදගත් ක්ෂේත්‍රයකම මුදුනත ඉන්නේ වෘත්තීයවේදින් ය.වෘත්තීයවේදින් ඔවුන් වැඩ කරන ක්ෂේත්‍ර වලදී ඒවාහි සිදුවන දූෂනයට හා වෙනත් වැරදිවලදී ඒවා නිවැරදි කරගැනීම සඳහා බලවත් ලෙස ක්‍රියා කළේ නම් ලංකාව මේ සා විශාල විනාශයකට ඇද නොවැටෙන්නට ඉඩ තිබුනි.
දේශපාලකයින් දූෂණයෙන් කුනුවී සිටින බව අපි දනිමු. ලංකාවේ වෘත්තීයවේදින්ගේ භූමිකාවද යහපත් හෝ ප්‍රසස්ත තත්වයක තිබෙන බව පෙනෙන්නේ නැත..ඒ සදහා දැක්විය හැකි නිදර්ශන බොහෝය.රාජ්‍යයේ කටයුතු ඩිජිටෙල් කිරීම සදහා දිර්ග කාලයක් තිස්සේ ක්‍රියාත්මක කෙරෙන වැඩ සටහන් ඒ සදහා දැක්විය හැකි එක නිදර්ශනයකි. රාජ්‍යයේ කටයුතු ඩිජිටෙල් කිරීම මගින් රජය සමග ජනයා කරන කටයුතු පහසු කොට රජයේ ආයතනවල ක්‍රියා කාරිත්වය කාරයක්ෂම කල හැකිවා සේම දූෂනය හා නාස්තියද අවම කලහැකිය.දැන් දීර්ඝ කාලයක් තිස්සේ ඒ අරමුණ වෙනුවෙන් කර තිබෙන වියදම ඉතා විශාල වුවද වියදමට සරිලන ප්‍රගතියක් ඇති කර ගැනීමට සමත් වී නැත.එහෙත් එම විෂයේදී පුද්ගලීක අංසයේ ජෝන් කීල්ස් වැනි සමාගම් ඇති කරගෙන තිබෙන ප්‍රගතිය සුවිශාලය. නිදරශනයක් වශයෙන් ඩ්ජිටෙල් ක්‍රමයක් තිබිය දීත් පුද්ගල හැදුනුම්පත් දෙපාර්තමේන්තුවට හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට වියාජ හැදුනුම් පත් හා වියාජ ගමන් බලපත් සම්බන්දයෙන් එල්ලවී තිබෙන චෝදනා බරපතලය. එම අයාතන දෙකෙන් අව්‍යාජ හැදුනුම් පත් හා ගමන් බලපත්‍ර සේම ලොකු මුදලකට වියාජ හැදුනුම් පත් හා වියාජ ගමන් බල පත්‍ර ලබා ගත හැකි තත්වයක් පවතී. ඩිජිටෙල් ක්‍රමයක් ක්‍රියාත්මක වන සමහර ආයතනවල පරිගණක දත්ත වෙනස් කල හැකි තත්වයක් පවතින බව හදුනාගෙන තිබේ.
විදුලි බල මණ්ඩලය තුලද විදුලි ඉන්ජිනේරුවන්ගේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ලවී තිබේ.විදුලි ඉන්ජිනේරුවන් ඔවුන් ට තිබෙන ආධිපත්‍යය ප්‍රයෝජනයට ගෙන අයතා ලෙස ධනය උපයන බවටත් තාප බලාගාරවලින් ලැබෙන අධික වාසි සලකා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයනට බර තබන ප්‍රතිපත්තියකට පරිවර්තනය වීමට රටට ඉඩ නොදෙන බවටත් චෝදනා එල්ලවී තිබේ. මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන බිද වැටීම කෙරෙහිද ගණකාධිකරණ හා විගනක වෘත්තියේ අයහපත් හැසිරීම බලපා තිබෙන්නේ යැයි කිව හැකිය. ගණකාධිකාරිවරුන් හා විගණකවරුන් සිය වෘත්තිය වගකීම් නිසියාකාරව ඉටු කළේ නම් වංචාව හා දූෂණය සමාජයට දරාගත නොහැකි මට්ටමකට වර්ධනයවීමේ හැකියාවක් තිබිය නොහැකිය.
නීතියේ ආධිපත්‍යයේ ඇති වී තිබෙන බිඳ වැටීම කෙරෙහි නිතීඥයින් සේම අධිකරණ නිලධාරින්ද වගකිව යුතුය. අනෙකුත් වෘත්තීන්ගේ තත්වයද මීට වෙනස් නැත. වෘත්තීන් විශාල ගණනකට ඔවුන්ගේම විනය පාලන ක්‍රම ඇතත් එම විෂයේදී පිලිගත හැකි තරමේ ප්‍රගතියක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. වෘත්තීයවේදි සංවිධාන 52 ක් එකට එකතු කළ වෘත්තීයවේදීන්ගේ ජාතික සංවිධානයක් ඇතත් එම වෘත්තීයවේදි සංවිධානවලට බලපාන ලෙස ජනතාවගේ විස්වාසයට හේතුවන විනය පාලනක් ඇති කිරීමට එය ද සමත් වී නැත.
රට හදන්නට පෙර තමන් හැදීම
වෘත්තීයවේදින් රටේ සමස්ත ක්‍රමය හදන තැනකට යන්නට පෙර තම තමන් නිරත වෘත්තීය කේෂ්ත්‍රයන් හා වෘත්තීයවේදි සංවිධාන මහජනයාගේ විශ්වාසයට හේතුවන දුෂනයෙන් තොර කාර්‍යක්ෂම හා යහපත් ලෙස ක්‍රියා කරන තැනකට ගැනීම සදහා බලවත් ලෙස ක්‍රියාකරන තැනකට යායුතු නැද්ද? ඔවුන් රටේ ප්‍රශ්න විසදීමට පුලුවන් කමක් ඇති නායකයින් ලෙස අභිෂේක ලැබිය යුත්තේ එවැනි වැඩ සටහන් මගින් නොවේද? නිදර්ශනයක් වශයෙන් දේසපාලනයට එකතු වීමට උනන්දුවක් දක්වන නීතිඥයින් සිටී නම් ඒ අයට නීති වෘත්තියේ යහපත් වෙනසක් ඇති කරනවාට අතිරේකව විමර්ශන බලය සහිත ස්වාදීන අධිකරණ ක්‍රමයක් සදහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයක් ආරම්භ කොට පවත්වාගෙන යා හැකිය. නීතිඥ වුර්තිකයින් සදහා ප්‍රමානවත් බල තල සහිත නියාමන අධිකාරියක් ඉල්ලා සිටිය හැකිය.නීති වෘත්තිය සමහර බටහිර රටවල මෙන් හානි පූර්ණ රක්ෂන ක්‍රමයකට සම්බන්දකල වසර කිහිපයකට වරක් අලුත් කරගත යුතු බලපත්‍ර ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන වෘත්තියක් බවට පත්කල හැකිය.සේවාදායකයින්ට හානියක් සිදුවී ඒ වෙනුවට වන්දි ගෙවිය යුතු අවස්තාවකදී එම හානි පූර්ණ රක්ෂනයෙන් වන්දි ගෙවිය හැකි ක්‍රමයක් ඇති කළ හැකිය. නීතිඥ ගාස්තු නියාමනය කෙරෙන ක්‍රමයක් ඇති කළ හැකි අතර සේවය ලබාදීමේදී සේවාදායකයින් වෙත නඩුවේ ස්භාවය, අදාල නීතිය, සේවාදායකයාගේ හිමිකම, ගෙවිය යුතු ගාස්තුව, ගෙවීම් සිදුකල යුතු අකාරය හා විෂමාචාරයක් හෝ වෘත්තිය නොසැළකිල්ල වැනි අවස්ථාවන්හිදී පැමිණිලි කල යුතු නියාමන අධිකාරියද ලිඛිතව ලබා දෙන ක්‍රමයක් ඇති කළ හැකිය. එසේම නීතිඥ සංගම් වියාපාරයේද යහපත් වෙනස්කම් ඇති කිරීම සදහා ක්‍රියා කළ හැකිය.ඒ සමග ස්වාධීන හා මහජනයාගේ බලවත් ගෞරවයට හේතුවන අධිකරණ ක්‍රමයක් සදහා යෝජනා සේම නඩු පමාව වළකන ක්‍රමවේදයක් සදහාද යෝජනා ඉදිරිපත් කල හැකිය.එවැනි වැඩ සටහනක් නීති වෘත්තිය හා අධිකරණයට අදාල විෂය ක්ෂේත්‍රය තුල ලොකු වෙනස් කම් ඇති කිරීමට ශක්තිමත් පසුබිමක් ඇතිකරනු ඇතිවාසේම ඒ වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින්ට ලොකු මහජන පිළිගැනීමක් ලබා දීමට හේතු වී ඔවුන්ට දේශපාලනයට ඒමට අවශ්‍ය ශක්තිමත් පසු බිමක් ඇතිකිරීමටද හේතුවනු ඇත.
මේ හා සමාන වැඩ සටහන් අනෙකුත් සියලු වෘත්තීය අංශවලද ක්‍රියාත්මක කල හැකිය.නිදර්ශනයක් වශයෙන් අයි.සී.ටී ඉන්ජිනේරු වෘත්තිකයින්ට රාජ්‍ය ආයතනවල ඊ ශ්‍රී ලංකා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවී තිබෙන බරපතල වැරදි ගැන සොයා බලන තැනකට යමින් එවා අඩු වියදමකින් නැවත නිවැරදි කල හැකි තත්වයක තිබේ නම් ඒසදහා යෝජනා ඉදිරිපත් කරන තැනකට යා හැකිය .තමන් අයත් වෘත්තීයවේදීන්ගේ සංගමය එම විෂය ක්ෂේත්‍රය තුළ පවත්නා දූෂනයට එරෙහිව ක්‍රියා කරන හා එම වෘත්තිකයින්ට අදාළව මනා විනය පාලනයක් පවත්වාගෙන යන ආයතන ක්‍රමක් බවට පත් කිරීම සදහා ක්‍රියා කළ හැකිය. හැම වෘත්තිය ක්ෂේත්‍රයකම පාහේ එවැනි පෙළගැස්මක් ඇති කළ හැකිනම් ඒ හැම ක්ෂේත්‍රයකම සමාජ වගකීමකින් යුතුව ක්‍රියා කරන වෘත්තියවේදින් ඇතිකිරීමට හා ඔවුන් ගේ බලපෑමෙන් වෘත්තියවේදි වියාපාර යහපත් ලෙස වෙනස්කර ගැනීමටත් හේතුවනු ඇති අතර ඒ මගින් එම ක්ෂේත්‍රවල සිදුවී තිබෙන බරපතල වැරදි නිවැරදි කර ගැනීමට හේතුවන ශක්තිමත් දර්ශනයන් ඇති කිරීමටද හේතුවනු ඇත. දේශපාලන අර්ථයෙන් ඒ නිසා ඇතිවන වැදගත්ම ඵලය වනු ඇත්තේ තමන්ගේ පුංචි ලෝකවල සිදුවන වැරදි වලට එරෙහිව සටන් කරන රාමුවක් තුල එක්තරා ප්‍රමාණයක දේශපාලන පරිනතභාවයක් ලබාගත් හා ප්‍රායෝගික ක්‍රියා කාරකම් නිසා මහජන පිළිගැනීමක් හිමිකරගත් වු වෘත්තීයවේදීන් පිරිසකට දේශපාලනයට එකතූ වීමට ශක්‍තිමත් පදනමක් ලැබීමය.
සටහන – ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන්


