Saturday, April 18, 2026
Homeදේශීයවිශ්‍රාම වැටුප ලබාදීමට "ජීවිත සහතික" ලබා ගැනීම ආරම්භ කරයි

විශ්‍රාම වැටුප ලබාදීමට “ජීවිත සහතික” ලබා ගැනීම ආරම්භ කරයි

විශ්‍රාමිකයන්ගේ මාසික විශ්‍රාම වැටුප ලබා දීම සඳහා පෙර වසර වල පරිදි පදිංචිය හා ජීවත්ව සිටින බව තහවුරු කරන ” ජීවිත සහතික ලබා දීම ” ආරම්භ කර ඇති බව රජය නිවේදනය කරනවා.

ඒ අනුව අදාළ විශ්‍රාමිකයන් තමන් ජීවත්ව සිටින ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කාර්යාලයට සිය හැඳුනුම්පත ඉදිරිපත් කර අනන්‍යතාවය තහවුරු කර ජීවිත සහතිකය තහවුරු කරන ලෙස රජය දැනුම් දෙනවා.

ඇඟිලි සළකුණු මඟින් ලියාපදිංචි කිරීම සිදු කර ඇති විශ්‍රාමිකයින් ඇඟිලි සළකුණ මඟින්ම ජීවිත සහතිකය තහවුරු කළ යුතු බවත් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 26 ක් සහ බැංකු ශාඛා 476 කදී අවස්ථාව ලබාදී ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

READ:   හොර රූපලාවන්‍ය ගබඩාවක් පිටකොටුවේදී වටලයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්