Thursday, October 1, 2026
Homeදේශීයකාලගුණයේ වෙනසක්

කාලගුණයේ වෙනසක්

අද (11) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ශ්‍රී ලංකාවෙන් ලකුණු 246ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්