Thursday, August 13, 2026
Homeදේශීයවිදුලි සේවකයන් පාරට බැසීමට සූදානම් වෙයි

විදුලි සේවකයන් පාරට බැසීමට සූදානම් වෙයි

විදුලි බිල වැඩි කිරීම සඳහා විෂයභාර අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුමැතිය ලැබුනොත් ඊට විරෝධය දක්වමින් හෙට (03) විදුලි බල මණ්ඩලයේ සේවකයන් පාරට බැසීමට සූදානම් බව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිතියේ සභාපති පවසනවා.

ඒ අනුව හෙට දහවල් 12.00 සිට විදුලි බිල වැඩිකිරීමට එරෙහිව තම විරෝධය දක්වන බව විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කර සිටියා.

READ:   ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්