Sunday, July 26, 2026
Homeදේශීයටී , ප්ලේන් ටී මිල පහත දමනවා - ආපනශාලා හිමියන්ගේ සංගමය

ටී , ප්ලේන් ටී මිල පහත දමනවා – ආපනශාලා හිමියන්ගේ සංගමය

ගෑස් මිල අඩුවීම නිසා ඊට සාපේක්ෂව අද (06) සිට ප්ලේන්ටියක සහ කිරි තේ එකක මිල අඩුකිරීමට තීරණය කළ බව
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටියක නව මිල රු – 30ක් ලෙසත් කිරි තේ එකක නව මිල, රුපියල් 100ක් දක්වාත් අඩුකර ඇති බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පෙන්වාදෙන්නේ.

වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි පාන් පිටි මිල රුපියල් 250 සීමාවට ගෙන එන්නේ නම්, කොත්තු, රෝල්ස්, පරාටා ආදී අනෙකුත් බේකරි ආහාරවල මිල ද පහළ දැමිය හැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Waitress pouring cup of coffee/tea
READ:   ආසියානු කුසලාන තරගාවලියේ වීරයා වනිඳු හසරංග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්