Monday, October 26, 2026
Homeදේශීයජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා වී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (26) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

කළු ගඟ සහ කැලණි ගඟ ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ද ඉහළ යමින් පවතින බව ඒ මහතා පැවසීය.

අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය සහ රාජාංගනය ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, දැදුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 5,300ක පමණ ජල ප්‍රමාණයක් ද, රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 2,300කට ආසන්න ජල ප්‍රමාණයක් ද මේ වන විට මුදාහරිමින් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනවලට අනුව ඉදිරියේදී නිරිතදිග ප්‍රදේශවලට තරමක් තද වැසි ඇති විය හැකි බව ද සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

එමෙන්ම, යාපනය සහ මන්නාරම ඇතුළු ප්‍රදේශවලට කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබුණහොත් පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් පහත් බිම්වල සහ ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ජීවත් වන ජනතාව කාලගුණික වෙනස්කම් සහ ජල මට්ටම් ඉහළ යාම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

READ:   අවයව 07ක් දන් දී සමුගත් විහඟනා උසස් පෙළ ඉහළින්ම සමත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්