අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) පස්වරුවේ වන විට නිකුත් වුණා.
නිකවැරටිය අඹන්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි විහඟනා නුවන්ති මෙවර උසස් පෙළ විභාගයට ඉංග්‍රීසී මාධ්‍යයෙන් පෙනී සිටි සිසුවියක්.
ඇය හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරෙණු අතර විහඟනාගේ මොළය ආශිතව ගෙඩියක් හට ගෙන ඇති බව එහිදී හෙළිව තිබුණා.
වෛද්‍යවරුන් ඇගේ දෙමාපියන් ට පවසා ඇත්තේ විහඟනාගේ මොළය මියයමින් පවතින බවයි.
මේ හේතුවෙන් විහඟනාගේ හදවත,පෙනහළු දෙක, වකුගඩු දෙක, අක්මාව සහ දැස් ද පරිත්‍යාග කිරීමට ඇගේ දෙමාපියන් කටයුතු කර තිබුණා.
ඒ අනුව විහඟනාට තම අවයවවලින් තවත් වටිනා මිනිස් ජීවිත හතක් ජීවත් කිරීමට හැකියාව ලැබුණා.
විහඟනාගේ උසස් පෙළ ප්‍රතිඵල සටහන ඊයේ නිකුත් වී තිබුණා.
ප්‍රතිථල සටහනට අනුව විහඟනා මෙවර වානිජ අංශයෙන් උසස් පෙළ විභාගය A සාමාර්ථ තුනක් සහිතව ඉහළින් සමත් වී තිබෙනවා.


