දේශීය

ලක්ෂ 223ක මුදල් කොල්ලය වැළකු එස්. අයි. බුද්ධිකට උපන් ගමෙන් උපහාර

තනතුරෙන් උසස් කළා, මට පොලිස් වීරතා පදක්කම ලැබුණා, මුදල් ත්‍යාගයක් ලැබුණා. නමුත් මට ඒ ලැබුණ සියලු දේට වැඩිය අද දවසේ ලැබුණ දේයි මට වටින්නේ. මේ තමයි මම ජීවිතයේ ලබපු ලොකුම කුසලානය, ලොකුම තෑග්ග හා ලොකුම සම්මානය.

ගමේ අයගේ බලාපොරොත්තු දැක්කම මම හිතාගත්ත දේ තමයි මගෙන් චූටි හරි අඩුපාඩුවක් මෙතෙක් වුණා නම්, ඉදිරියට ඒ අඩුපාඩුව නිවැරදි කර ගන්න ඕන කියන දේ. රැකියාවෙදී මට කරන්න පුලුවන් උපරිම දේ මම කරන්න හිතා ගත්තා යැයි තම දිවි දෙවැනි කොට සිදුවන්නට ගිය මහා මංකොල්ලයක් වික්‍රමාන්විතව වලක්වා, අභීත ක්‍රියාවක් සිදු කළ උප පොලිස් පරීක්ෂක බුද්ධික කුමාර මහතා පැවසීය.

ඉකුත් මස 26 වැනිදා දහවල් තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් වෙත මුදල් තැන්පත් කිරීමට පැමිණි ව්‍යාපාරිකයකුගේ අත තිබූ රුපියල් ලක්ෂ 223ක මුදලක් ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් එම බැංකුව ඉදිරිපිටදී මංකොල්ලකා පලායන්නට තැත් කළ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් බුද්ධික කුමාර නිලධාරියා එම මංකොල්ලය වැළැක්වීමට නිර්භීතව ක්‍රියා කරමින් රුපියල් ලක්ෂ 223ක මුදල කොල්ලකරුවන්ද සමඟින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේය.

සැරයන් බුද්ධික කුමාර ඇගයීම වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීම, පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක්ද එමෙන්ම කළ නිර්භීත ක්‍රියාව සහ ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමය ඉහළ නැංවීම සඳහා කළ මෙහෙය ඇගයීම වෙනුවෙන් පොලිස් වීරතා පදක්කමද බුද්ධික කුමාර මහතා වෙත පසුගියදා ප්‍රදානය කෙරිණි.

ඒ අනුව උප පොලිස් පරීක්ෂක බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමෙන් පසු, තමන්ගේ උපන් ගම්මානයට ඊයේ (05) පස්වරුවේ පැමිණි අවස්ථාවේ මෙම පිළිගැනීමේ උත්සවය සිදු කෙරිණි.

උප පොලිස් පරීක්ෂක බුද්ධික කුමාර මහතා රථ පෙළපාලියකින් එප්පාවල මැඩියාව මංසන්ධියේ සිට ගම්මානයේ සමිති ශාලාව දක්වා කැඳවාගෙන ගොස්, මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කිරීමෙන් අනතුරුව එහිදී උපහාරයන් හා තෑගී ප්‍රදානය කිරිමට ගම්වාසීන් කටයුතු කළහ.

උපුටා ගැනීම

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

1 day ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

2 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

2 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago