Sunday, June 28, 2026
Homeදේශීයගම හරහා දිව්ව තරගකරුවන්ට සහය දුන් 10හැවිරිදි දරුවෙක් මරුට..

ගම හරහා දිව්ව තරගකරුවන්ට සහය දුන් 10හැවිරිදි දරුවෙක් මරුට..

ගල්කිරියාගම, පලාගම, කුඩාහෙට්ටියාව ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරගයක, තරගකරුවන්ගේ සහයට දිවගිය දරුවෙක් මාර්ගයේ ඇදවැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.මියගිය දරුවා 10 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය පවසනවා.

බිම ඇද වැ⁣ටීමෙන් පසු එම දරුවා කලාවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන යමින් සි⁣ටියදී කැකිරාව ප්‍රදේශයේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.සිය සහෝදරයා සහ හිතවතුන් අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ තරගයට සහභාගි වූ බැවින් ඊට සහය දැක්වීම සඳහා මෙම දරුවා පැමිණ ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසනවා.

READ:   පෑලියගොඩ මැනිං වෙළඳපොලේ විරෝධතා කළ 06ක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්