දේශීය

ලංකාවේ ප්‍රථම වතාවට ටොන් 100 ගෙනයාහැකි ටේලරයක් නිපදවයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිපදවෙන රෝද තිස් අටක ආධාරයෙන් ධාවනය කෙරෙන ටොන් සීයක් රැගෙන යා හැකි ආධාරක දෙකේ ටුවින් ඇඩප්ටර් ටේලරයක් නිෂ්පාදනය කිරීමට දුම්රිය මැදිරි නිමවන දේශීය කර් මාන්තකරුවකු වන තන්ත්‍රී සමාගම සමත් වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිපදවෙන රෝද තිස් අටක ආධාරයෙන් ධාවනය කෙරෙන ටොන් සීයක් රැගෙන යා හැකි ආධාරක දෙකේ ටුවින් ඇඩප්ටර් ටේලරයක් නිෂ්පාදනය කිරීමට දුම්රිය මැදිරි නිමවන දේශීය කර් මාන්තකරුවකු වන තන්ත්‍රී සමාගම සමත් වී ඇත.

මෙතෙක් යුරෝපා රටවල් දෙකක පමණක් නිපදවා ඇති මෙම රෝද තිස්අටේ දිගින් වැඩි රථය මාර්ගයේ දාවනය කිරීමට ශ්‍රී  ලංකා ටෙලිකොම් සමාගම, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී  ලංකා වරාය අධිකාරිය සහ පොලිස් රථවාහන අංශය එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කොට ඇත.

ඒකල  ප්‍ර දේශයේ ආරම්භක කිරීමට නියමිත  සිමෙන්ති  නිෂ්පාදනාගාරයක් මෙරටට ආනයනය කල  විශාල බීම් එකක් සහිත යන්ත්‍රයක් මැද ආධාරකයක් නොමැතිව ප්‍ර වාහනය කිරීමේ අවශ්‍යතාවට අනුව මෙම විශේෂ ටේලරය මෙරට දී නිෂ්පාදනය කොට ඇත. 

හයිඩ්රොනලික් බලයෙන් වැඩ කෙරෙන රියදුරුන් දෙදෙනකුගේ ක්‍රියාකාරීත්වය සහිතව ධාවනය කෙරෙන මෙම ටේලරයේ පොළොව උස් වූ ස්ථානයන් අසලින් ප්‍ර වාහනය කෙරෙන විට උපාංගය උත්සාහ රැගෙන යාමටත් ඉහළින් වයර් නොගෑවෙන ආකාරයෙන් උපාංගය පහත්කොට ප්‍ර වාහනය කිරීමද හැකියාව ඇත.

 මෙම රථය පිළිබඳව අදහස් දැක්වීම්ට දේශීය කර්මාන්ත කර් මාන්තකරුවකු වන තන්ත්‍රී සමාගමේ සභාපති අතුල හපුතන්ත්‍රී මහතා එක් වූ අතර ඒ මහතා පැවසූයේ මෙම ටේලර් ඒ ආධාරයෙන් ප්‍ර වාහනය කළ සිමෙන්ති නිෂ්පාදන යන්ත්‍රය වරායේ සිට එම කම්මල පිහිටි එකලට රැගෙන යාමට රථයක් මෙරට නොතිබූ බවයි.

දිග අඩි අසූවකින් සහ විශ්කම්භය අඩි දාසයකින් මෙන්ම බරින් ටොන් 80ක බරින් යුතු බවයි එවැනි බරසාර උපාංගයක් ප්‍ර වාහනය කිරීමට නව රථයක් මෙරටට ආනයනය කරන්නේ නම් ඒ සඳහා මිලියන 80 වැයවීමට තිබු බව ඔහු පැවසීය.

 කිසිදු වාහනයක් මෙරට නොමැතිව තිබූ තමාට ලැමාට ලැබුණු අවස්ථාව තමා නිසියාකාරයෙන් මෙහෙයවූ බව  බව සඳහන් කරන ඒ මහතා කැලණිය පිහිටි කර් මාන්තායතනයේ සේවකයින් විස්සකගේ සහයෝගය ඇතිව මිලියන 40 ක වියදමින් මෙම නව රථය මෙරටදී නිෂ්පාදනයකි කිරීමට තමා පියවර ගත් බව පැවසීය.

දේශීය  කර් මාන්තකරුවෙකු වන තමා ශ්‍රී ලංකා දුම්රිය  දෙපාර්තමේන්තුව සමඟ ද එක්ව දුම්රිය මැදිරි නිමවීම මේ දිනවල සිදුකෙරෙන බව සඳහන් කළ ඒ මහතා රජයෙන් නිසි සහය සහයෝගය ලැබෙන්නේ නම් දේශීය කර්මාන්තකරුවන්ට තව තවත් නව නිපැයුම්වලට යොමුවීමේ හැකියාව පවතින බවද වැඩිදුරටත් පැවසීය.

වැඩි දිගකින් යුතු මෙම රථය අපගේ මාර් ග පද්ධතියේ ධාවනය කිරීමේදී පටු ස්ථානයන්හි හරවාගැනීම ඇතැම්විට ගැටළු සහගත වූ බව සඳහන් කරන ඒ මහතා මේ සම්බන්ධයෙන් මාර්ගයේ පෙරහුරුවක් ද සිදුකළ බව ඒ මහතා පැවසීය.

එකී පෙරහුරුව ට අනුව හඳුනාගත් බාධකයක් වූ ජා ඇල ඒකල පොළ හන්දියෙ සංවර්ධන මණ්ඩලයේ තාප්පය ද අවසර සහ අනුදැනුම ඇතුව කඩා ඉවත් කොට රථය ධාවනය කිරීමට පියවර ගත් බව ඒ මහතා පැවසීය.

 විශේෂ වූ යන්ත්‍ර ප්‍ර වාහනයේදී මාර්ගයේ  ඇති විදුලි රැහැන් සහ ටෙලිකොම් රැහැන් වලට සිදුවිය හැකි හානි  සහ මාර්ගයේ සිදුවිය හැකි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් විදුලි,ටෙලි කොම්,සහ පොලිසිය මෙන්ම වරාය මේ සඳහා එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවද ඒ මහතා පැවසීය. 

උපුටා ගැනීම ලංකාදීප පුවත්පත

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

1 day ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

2 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

2 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago