පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා උත්ඝොෂණයක් ඊයේ (21) කටුවපිටිය දේවස්ථානය ඉදිරිපිටදී පැවැත්වුණා.
ඉරුදින පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කළ පාර්ලිමේන්තු කාරක සභා , ජනාධිපති කොමිසන් සභා විසින් නිකුත් කර ඇති වාර්තා හෙලි නොකර නීතිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු 107ක් ඉල්ලා අස්කරගැනීම සඳහා කටයුතු කිරීම හෙලාදකින බව විරෝධතාකරුවන් පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටු වූවාද ?? යන්න ඔවුන් ප්‍රශ්න කර සිටින බව පැවසූවා.
මේ විනාශයට සම්බන්ධ හා අපරාධය පිටුපස සිටින අය කව්ද යන්න දැන ගනීම අත්‍යවශ්‍ය බවත් එය ජනතාවගේ ආරක්ෂාවට වැදගත් බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පසුබිම් සිතියම් නිර්මාණය කළ මහ මොළකරුවන් අද නිදැල්ලේ සිටිමින් ඔවුන් වහසි බස් දොඩමින් විවිධ ප්‍රකාශ සිදුකරමින් තවදුරටත් කටයුතු කරන බවයි විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ.
ප්‍රහාරය පිළිබඳව තොරතුරු හොදහැටි කලින් ලැබිලා තිබියදීත් ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකළ හිටපු ජනාධිපතිවරයා, දේශපාලකයන්, පොලිස් පතිවරයා ඇතුළු සියලුම නිලධාරීන් පාස්කුපාහාරය සම්බන්ධයෙන් වගකිවයුතු බව ඔවුන් පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්කොට්ලන්ඩ්යාන් පොලිසියට ගොස් පැමිණිලි කිරීමට කලින් ඉරුදින ප්‍රහාරය පිළිබදව ලබාගත් තොරතුරු හෙලි කළ යුතු බව විරෝධතාකරුවන් අවධාරණය කර සිටිනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…