දේශීය

මෙරට යළි කොවිඩ් ව්‍යාප්තිය පිළිබද විශේෂ සාකච්ඡාවක්

මෙරට කොව්ඩ් 19 වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්වයත් වෛරසය ව්‍යාප්තියෙන් ආරක්ෂා විම පිළිබඳවත් දැනුවත් කරමින් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය සාකච්ඡාවක්සංවිධානය කර තිබුණා. මාධ්‍ය සාකච්ඡාවේ සම්පත් දායකයින් ලෙස නියෝජ්‍ය සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සහ වසංගතය රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වෛද්‍යවරුන් සහභාගී වුණා. ” කොවිඩි උවදුර තවම ඉවර නෑ.. තවදුරටත් ප්‍රවේසම් වෙමු. ” ලෙස සාකච්ඡාව නම් කර තිබුණා.

මාධ්‍ය සාකච්ඡාව තුළ දී පහත සඳහන් කරුණූ වෛද්‍යවරුන් විසින් අවධාරණය කර සිටියා.

පසුගිය මාස කිහිපයක තුළ ගෝලිය වශයෙන් කොවිඩ් රෝගයේ වර්ධනයක් නැවත දක්නට ලැබෙන බවත් ඒ අනුව කොවිඩ් වෛරසයේ යම් යම් ප්‍රභේදයන් රැසක් ගෝලිය වශයෙන් හදුනා ගෙන ඇති බවත් වෛද්‍යවරුන් ප්‍රකාශකර සිටියා. නව වෛරස් ප්‍රභේදයන් පැතිරයාමේ වේගය සහා සංකූලතා ඇතිකිරීමේ හැකියාව අතින් වැඩි කාර්යක්ෂමතාවයක් දක්වන බැවින් නැවත වරක් මෙරට තුළ ද කොවිඩ් වෛරසය ව්‍යාප්ත විමේ අවදානමක් ඇතිව ඇති බැවින් කල් තියා ඒ සඳහා සූදානම් වීම වැදගත් බව වෛද්‍යවරුන් අවධාරණය කර සිටියා.

පසුගිය මාස දෙක තුනදී මෙරට දෛනිකව කොවිඩ් වාර්තා වීම 10-20 ත් අතර වූ අතර මරණ වාර්තා වීම දෛනිකව එක් මරණයක් නැතිනම් මරණයක් වාර්තා නොවෙන වශයෙන් වූ බවත් එහෙත් ගෙවුණු දින 10 තුළ රෝගීන් යම් ප්‍රමාණයකට වැඩී වී යන බවක් දක්නට ලැබෙන බවත් ඊට සාපේක්ෂව මරණයන්ද වාර්තාවීම වැඩි විය හැකි බව පෙන්වා දුන්නා.

අද දින (26 ) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුහුණු ආවරණ පැළදීම සඳහා නැවත වරක් නිවේදනය කිරීම වඩාත් වැදගත් බව පෙන්වා දුන් අතර ඒ අනුව ප්‍රසිද්ධ ස්ථාන පොදු ස්ථාන.. ආදී හැකි සැම තැනකදීම නිසි ප්‍රමිතියෙන් යුතු මුහුණු ආවරණයක් භාවිත කරන ලෙස ඉල්ලා සිටියා.

ගිලිහි ගොස් ඇති සබන් යොදා දෑත් සේදීම දුරස්ථභාවය තබා ගැනීම වැනී හොද සෞඛ්‍ය පුරුදු නැවත ආරම්භ කළ යුතු බව අවධාරණය කර සිටියා.

නිදන්ගත රෝගීන් සහ ගර්භනී මව් වරුන් හැකිතරම් පොදු සහා මිනිස්සු ගැවසෙන ස්ථාන වලට යෑමෙන් වලකින ලෙස දැනුවත් කෙරුණා.

හැකි ඉක්මනින් තමන්ගේ එන්නත් කරණය පරිපූර්ණ කර ගත යුතු බව ප්‍රකාශ කර සිටියා. මෙරට කොරෝනා වෛරසය පැතිරුණු දෙවන සහ තුන්වන අදියර තුළදී ලෝකයේ දියුණු බොහෝ රටවල් එහි භයානක ප්‍රතිඵල අත්විඳ බවත් එහෙත් මෙරට යම් ප්‍රමාණයකට වසංගතය ව්‍යාප්තිය හා මරණ වාර්තා වීම පාළනය වූයේ එන්නත් කරණය නිසා වන බව අවධාරණය කෙරුණා.

පළමු සහ දෙවන මාත්‍රව ලබාගෙන වසරකට අධික කාලයක් දැනට ගතව ඇති නිසා එම එන්නත් වල ප්‍රතිශක්තිකරණ මට්ටම ශරීරය තුළ මේ වන විටත් හීන වීමට වැඩි ඉඩකඩ ඇති බැවින් නැවත කොවිඩ් වසංගත තත්ත්වයකට මුහුණ දීම සඳහා කල්තියා පූර්ණ එන්නත් කරණයට ලක්වී සිටිම වැදගත් බව පෙන්වා දුන්නා.

රට තුළ පළමු සහ දෙවන මාත්‍රව ලබා නොගත් ( පළමු වර්ධක මාත්‍රව ) පුද්ගලයින් මිලියන 6ක් පමණ වන අතර හැකි ඉක්මනින් ඔවුන් ප්‍රමාද නොවී සෞඛ්‍ය සේවය හා රෝහල් මගින් තම එන්නත් මාත්‍රව ලබාගන්නා ලෙස ඉල්ලා සිටියා. ප්‍රතිශක්තිකරණ එනනත් වල ගුණාත්මක භාවය තහවුරු කර ඇති බැවින් හැකි ඉක්මනින් එන්නත් කරණයට යොමුවී තිබීම ඉදිරි කාලය තුළ දී තමාගේ සහ සමාජයේ ආරක්ෂාව යන දෙ අංශයෙන්ම වැදගත් වන බව ප්‍රකාශ කළ වෛද්‍යවරයා වයස අවුරුදු 60 ට වැඩි අය සඳහා ලබා දුන් දෙවන වර්ධකය ලබා නොගත් අය සිටී නම් ඔවුන් හැකි ඉක්මනින් එම මාත්‍රාව ලබාගැනීම වැදගත් බව අවධාරණය කර සිටියා.

අවුරුදු 12 සහ 19 අතර පාසැල් දරුවන් සඳහා නියමිත එන්නත් මාත්‍ර දෙක ලබා ගෙන නොමැති දරුවන් තම එන්නත් මාත්‍රව ලබාගන්නා ලෙස මෙහිදි දැනුවත් කර සිටියා.

කල්තියා සූදානම් වීම සෞඛ්‍ය උපදෙස් නැවතත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම තනි තනිව තම සමාජ වගකිම ඉටුකිරීම යන කාරණා මඟින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හා ජීවිත හානිය වළක්වා ගත හැකි බව වෛද්‍යවරුන් පෙනවා දෙනු ලැබුවා.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

1 day ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

2 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

2 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago