මේ වසරේ ගෙවුණු කාලය තුළ විදෙස් සංචාරකයන් 174,930 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මේ මාසයේ දින 26ක කාලයේදී පමණක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා විදෙස් සංචාරකයන් 69,941 දෙනකු පැමිණ තිබෙන අතර ඊට අමතරව පසුගිය නොවැම්බර් මාසයේදී 44,294 දෙනකු සහ ඔක්තෝබර් මාසයේදී 22,771 දෙනකු මෙරටට පැමිණ ඇත.
පසුගිය දින 26ක කාලයේදී ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංසය, මාලදිවයින, යුක්රේනය හා කසකස්ථානය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
සීත ඍතුව ඉලක්ක කර ගනිමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංසය සහ යුක්රේනය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර පසුගිය දින 26 තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් මේ රටවලින් පැමිණි තිබීම විශේෂත්වයකි.
ඒ අනුව රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 7,951 දෙනෙකු පැමිණ තිබෙන අතර එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංඛ්‍යාව 6,819කි.
ජර්මනියෙන් සංචාරකයන් 4,131ක් මෙරටට පැමිණ තිබෙන අතර ප්‍රංසයෙන් සංචාරකයන් 2,313ක් ද පසුගිය දින 26 තුළ මෙරටට පැමිණ ඇත. යුක්රේනයෙන් සංචාරකයන් 2,054 දෙනකු පැමිණ ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
වාර්තාව -දිනමිණ
ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…
මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර්…
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත්…
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…
file The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of ColomboColombo,…