Sunday, May 31, 2026
Homeදේශීයකොරෝනා මැද වුවත්, සංචාරකයන් ලක්ෂ එක හමාරකට වඩා ඇවිත්

කොරෝනා මැද වුවත්, සංචාරකයන් ලක්ෂ එක හමාරකට වඩා ඇවිත්

මේ වසරේ ගෙවුණු කාලය තුළ විදෙස් සංචාරකයන් 174,930 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ මාසයේ දින 26ක කාලයේදී පමණක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා විදෙස් සංචාරකයන් 69,941 දෙනකු පැමිණ තිබෙන අතර ඊට අමතරව පසුගිය නොවැම්බර් මාසයේදී 44,294 දෙනකු සහ ඔක්තෝබර් මාසයේදී 22,771 දෙනකු මෙරටට පැමිණ ඇත.

පසුගිය දින 26ක කාලයේදී ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංසය, මාලදිවයින, යුක්රේනය හා කසකස්ථානය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

සීත ඍතුව ඉලක්ක කර ගනිමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංසය සහ යුක්රේනය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර පසුගිය දින 26 තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් මේ රටවලින් පැමිණි තිබීම විශේෂත්වයකි.

ඒ අනුව රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 7,951 දෙනෙකු පැමිණ තිබෙන අතර එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංඛ්‍යාව 6,819කි.

ජර්මනියෙන් සංචාරකයන් 4,131ක් මෙරටට පැමිණ තිබෙන අතර ප්‍රංසයෙන් සංචාරකයන් 2,313ක් ද පසුගිය දින 26 තුළ මෙරටට පැමිණ ඇත. යුක්රේනයෙන් සංචාරකයන් 2,054 දෙනකු පැමිණ ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.

වාර්තාව -දිනමිණ

READ:   කඩාවැටුණු ආර්ථිකය ස්ථාවර කිරීමට සහය දුන් සියලු කම්කරු ජනතාවට ස්තූතිය: ජනපති මැයි දිනයට සුබ පැතුම් එක් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්