Wednesday, September 16, 2026
Homeදේශීයපුරාවස්තු සුරැකීම ගැන පොලිසිය දැනුවත් කරයි

පුරාවස්තු සුරැකීම ගැන පොලිසිය දැනුවත් කරයි

පුරාවස්තු විනාශය වළක්වා ගැනීම පිළිබඳව එක්දින වැඩමුළුවක් පොලිස් නිලධාරීන් මූලික කරගෙන පුරාවස්තු දෙපාර්තමේන්තුව විසින් පවත්වා තිබෙනවා.

පුරාවස්තූන් සුරැකීම වෙනුවෙන් පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කිරීමේදී මතු වන ප්‍රායෝගික ගැටළු නිරාකරණය කර ගැනීම පිළිබඳව මෙම වැඩමුළුවේදී නිලධාරීන් දැනුවත් කරණු ලැබුවා.

නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නීති අංශ ප්‍රධාන නීතිඥ රෝහණ කාරියවසම් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම එක්දින වැඩමුළුව පුරාවස්තු වැළක්වීමේ පොලිස් ඒකකය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංශය විසින් සංවිධානය කර තිබුණා.

READ:   නාවලපිටිය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්