ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත් දැවී ගියේ ලකුණු නොලබා වීම විශේෂත්වයක්. කෝලි ඕස්ට්‍රේලියාවේදී පැවති එක්දින තරගයකදී ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ දෙවන අවස්ථාවත් මෙයයි. ඒ වගේම විරාට් කෝලි එක්දින ජාත්‍යන්තර තරගයක ලකුණු නොලබා දැවී ගිය 18වැනි අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වෙනවා.
එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම වාර ගණනක් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ලකුණු 13,430ක් ලබා සිටින ලෝක එක්දින ක්‍රිකට් රටාව උඩියටිකුරු කළ ප්‍රහාරාත්මක පිතිකරු ශ්‍රී ලංකාවේ හිටපු නායක සනත් ජයසූරියයි. ඔහු අවස්ථා 34කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා. එම ලැයිස්තුවේ මුල් දසදෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6ක් රැඳී සිටීමත් විශේෂත්වයක්. එක්දින තරග රටාවේ වැඩිම ලකුණු ලාභියා වූ (ලකුණු 18,426) හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් අවස්ථා 20කදී ලකුණු නොලබා දැවීගොස් තිබෙනවා.
එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම වාර ගණනක් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ පිතිකරුවන්…
සනත් ජයසූරිය (SL) – අවස්ථා 34ක්
ශහීඩ් අෆ්රිඩි (PAK) – අවස්ථා 30ක්
වසීම් අක්‍රම් (PAK) – අවස්ථා 28ක්
මහේල ජයවර්ධන (SL) – අවස්ථා 28ක්
ලසිත් මාලිංග (SL) – අවස්ථා 26ක්
මුත්තයියා මුරලිදරන් (SL) – අවස්ථා 25ක්
චමින්ද වාස් (SL) – අවස්ථා 25ක්
ක්‍රිස් ගේල් (WI) – අවස්ථා 25ක්
රොමේෂ් කළුවිතාරණ (SL) – අවස්ථා 24ක්
ඩැනියල් විටෝරි (NZ) – අවස්ථා 23ක්
හර්ෂල් ගිබ්ස් (SA) – අවස්ථා 22ක්
– චතුරංග රාජපක්ෂ –
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…