විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එච්.අයි.වී වෛද්‍ය විද්‍යාව (HIV medicine) පිළිබඳ දැක්වූ විශිෂ්ට වූ කැපවීම හා දායකත්වය ඇගයීම වෙනුවෙන් ගෞරවනීය අධිශිෂ්‍යත්වයක් (Honorary fellowship) ලිංගික සෞඛ්‍යය හා HIV වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාර්ථයින්ගේ විද්‍යායතනය මගින් නොබෝදා හිල්ටන් හෝටලයේ දී පවත්වන ලද වාර්ෂික විද්‍යාත්මක සමුළුවේ සමාරම්භක උත්සවයේ දී විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ සභාපතිතුමා විසින් ප්‍රදානය කරන ලදී.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පිළිබඳ වැඩි දෙනෙක් දැනුවත්ව සිටින්නේ ඩෙංගු හා කෝවිඩ් රෝග ප්‍රතිකාර හා වැළැක්වීම පිළිබඳ ඔහු විසින් කරන ලද ජාතික වශයෙන් වූ වෘත්තීය දායකත්වය පිළිබඳවයි. නමුත් ලංකාවේ ඒඩ්ස් රෝගීන් වාර්තා වූ මුල් අවධියේ නේවාසික ප්‍රතිකාර කරනලද එක් ප්‍රධාන ආයතනයක් වූයේ අයි ඩී එච් රෝහලයි (IDH hospital). එහි එවකට විශේෂඥ වෛද්‍යවරයා වූයේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමයි. ඔහු විසින් මාද ඇතූළු අදට සිටින HIV වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් ගේ පශ්චාත් උපාධි සායනික පුහුණුව ලබාදීම සඳහා විශේෂ කැපවීමක් කරන ලදී. ඒවකට තිබූ විවිධ වූ බාධක මැද ඔහු විසින් දක්වන ලද නිහඬ කැපවීම ප්‍රශංසනීයයි. ඔහුගේ ඒ විශිෂ්ට වූ කැපවීම අගැයීම වෙනුවෙන් ජේෂ්ඨ යෙකු ලෙස මා මේ සටහන තැබිය යුතූමයි.
එසේම ඒ අධිශිෂ්‍යත්වය ප්‍රදානය කිරීමට කටයුතු කළ විද්‍යායතනය් සභාපති විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතූරුසිංහ ඇතුළු වෛද්‍ය සභාවට (2020-21) මාගේ ස්තූතිය
-වෛද්‍ය අජිත් කරවිටගේ
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…