ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන පෙරපාසල් සඳහා විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද ජාතික ප්‍රතිපත්තිය සහිත කමිටු වාර්තාව ලබන එකොළොස් වැනිදා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පිළිගැන්වීමට නියමිත බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය. එම පනත මඟින් පෙර පාසල් දරුවන්ගෙන් අය කරනු ලබන ගාස්තු සහ ගුරුවරුන් ගේ සුදුසුකම් නියාමනය කිරීමට යෝජිත බව ද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම මේවනවිට මෙරට පෙරපාසල් 19668ක් ක්‍රියාත්මක වන අතර මේ වනවිට පෙර පාසල් 1482ක් වැසී ගොස් ඇති බවද ඇමැතිවරයා පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වයි ජී රත්නසේකර මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
පෙරපාසල් ගුරුවරුන් සඳහා වැටුප් හා දීමනා ගෙවීමේ විධිමත් ක්‍රමවේදයක් පවතින අතර එය පළාත් මට්ටමින් නිර්ණය කෙරෙන සුදුසුකම් අනුව ගෙවීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පැවසීය. එමෙන්ම මෙරට පෙරපාසල් විශාල ප්‍රමාණයක් පෞද්ගලික ව පවත්වාගෙන යන බැවින් ශ්‍රී ලංකා ගුරු සේවයට හෝ ඒ හා සමාන වෙනත් ඒකාබද්ධ සේවයකට එම ගුරුවරුන් අන්තර්ග්‍රහණය කරගැනීමේ වැඩපිළිවෙළක් ඇති කළ නොහැකි බවද අමාත්‍යවරයා පැවැසීය.
මෙම පෙරපාසල් ගුරුවරුන් හට වෘත්තියභාවයක් ඇති කර ගැනීමටත් සුදුසුකම් ඇති කර ගැනීමටත් රජයෙන් අවස්ථාව ලබාදියහැකි බව සඳහන් කළ අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉදිරියේදී පෙරපාසල් පනතක් මගින් එම ක්ෂේත්‍රය නියාමනය කරන බවද වැඩිදුරටත් පැවැසීය
Dinamina.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…