Friday, June 19, 2026
Homeදේශීයපෙරපාසලට ජාතික ප්‍රතිපත්තියක්

පෙරපාසලට ජාතික ප්‍රතිපත්තියක්

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන පෙරපාසල් සඳහා විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද ජාතික ප්‍රතිපත්තිය සහිත කමිටු වාර්තාව ලබන එකොළොස් වැනිදා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පිළිගැන්වීමට නියමිත බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය. එම පනත මඟින් පෙර පාසල් දරුවන්ගෙන් අය කරනු ලබන ගාස්තු සහ ගුරුවරුන් ගේ සුදුසුකම් නියාමනය කිරීමට යෝජිත බව ද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම මේවනවිට මෙරට පෙරපාසල් 19668ක් ක්‍රියාත්මක වන අතර මේ වනවිට පෙර පාසල් 1482ක් වැසී ගොස් ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වයි ජී රත්නසේකර මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පෙරපාසල් ගුරුවරුන් සඳහා වැටුප් හා දීමනා ගෙවීමේ විධිමත් ක්‍රමවේදයක් පවතින අතර එය පළාත් මට්ටමින් නිර්ණය කෙරෙන සුදුසුකම් අනුව ගෙවීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පැවසීය. එමෙන්ම මෙරට පෙරපාසල් විශාල ප්‍රමාණයක් පෞද්ගලික ව පවත්වාගෙන යන බැවින් ශ්‍රී ලංකා ගුරු සේවයට හෝ ඒ හා සමාන වෙනත් ඒකාබද්ධ සේවයකට එම ගුරුවරුන් අන්තර්ග්‍රහණය කරගැනීමේ වැඩපිළිවෙළක් ඇති කළ නොහැකි බවද අමාත්‍යවරයා පැවැසීය.

මෙම පෙරපාසල් ගුරුවරුන් හට වෘත්තියභාවයක් ඇති කර ගැනීමටත් සුදුසුකම් ඇති කර ගැනීමටත් රජයෙන් අවස්ථාව ලබාදියහැකි බව සඳහන් කළ අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉදිරියේදී පෙරපාසල් පනතක් මගින් එම ක්ෂේත්‍රය නියාමනය කරන බවද වැඩිදුරටත් පැවැසීය

Dinamina.

READ:   සිසු විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්