A woman who lost her husband and two children during the bombing at St Sebastian's Church yells towards the graves during a mass burial for victims at a cemetery near the church in Negombo, three days after a string of suicide bomb attacks on churches and luxury hotels across the island on Easter Sunday, in Sri Lanka April 24, 2019. REUTERS/Thomas Peter
පාස්කු ඉරු දින ප්‍රහාරය විදෙස් ත්‍රස්ත කණ්ඩායමක පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූවක් යැයි තමන් දැඩිව විශ්වාස කරන බව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙරේදා (05) කියා සිටියේය.
යහපාලන රජය මෙරට බුද්ධි අංශ දුර්වල කිරීම මෙම ප්‍රහාරය එල්ල වීමට හේතුවක් බව කී ඒ මහතා, බුද්ධි නිලධාරීන් ආරක්ෂා කිරීමට යාම නිසා තමන් ද අද ඇප මත සිටින චූදිතයෙක් බවට පත් ව සිටින බව පැවැසීය. බෝම්බ හයක් එකවර පුපුරවා හැරි ලොව ප්‍රථම අවස්ථාව පාස්කු ඉරු දින ප්‍රහාරය බවත් ත්‍රස්තවාදය මර්දනය කළ හැකි බව ලොවට කියා දුන් ශ්‍රී ලංකාවට, මෙම ත්‍රස්ත ප්‍රහාරය ගැන විදෙස් තොරතුරක් ඔස්සේ දැන ගැනීමට ලැබීම අගෞරවයක් බව ද පැවැසූ ඒ මහතා, ජීවිත කාලය පුරාම රට රැක ගැනීමට කැප වූ නිලධාරියෙක් ලෙස තමන්ට මෙම ප්‍රහාරයේ කම්පනය හැමදාමත් පවතන බව ද කියා සිටියේය. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය, වනාතවිල්ලුව, වව්නතිව් පොලිස් මුරපොළට පහර දීම වැනි සිදුවීම් ගැන සීඅඩිඩිය විසින් පරීක්ෂණ කිරිමේ දී නිවැරදි මාර්ගයේ ගමන් නොකළ බව අවධාරණය කළ ඒ මහතා, මෙහි වගකීම එල්.ටී.ටී.ඊ.යට නොපවරා නිසි විර්ශනයක් කළේ නම් වැදගත් කරුණු රැසක් සොයා ගැනීමට හැකිව තිබු බවද ඒ මහතා කීවේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබුණු ආකාරය ප්‍රකාශ කිරිමෙන් විශාල වරදක් කර ඇති බවත් ඒ තොරතුර අපට ලැබුණු අවසන් බුද්ධි තොරතුර බවත් පැවැසීය.
උපුටා ගැනීම දිනමිණ
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…