Tuesday, April 21, 2026
Homeදේශීයපාස්කු ඉරු දින ප්‍රහාරය විදෙස් ත්‍රස්ත කණ්ඩායමක අධීක්ෂණය යටතේ සිදු වූවක් -...

පාස්කු ඉරු දින ප්‍රහාරය විදෙස් ත්‍රස්ත කණ්ඩායමක අධීක්ෂණය යටතේ සිදු වූවක් – හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

පාස්කු ඉරු දින ප්‍රහාරය විදෙස් ත්‍රස්ත කණ්ඩායමක පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූවක් යැයි තමන් දැඩිව විශ්වාස කරන බව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙරේදා (05) කියා සිටියේය.

NEGOMBO, SRI LANKA – APRIL 23: Coffins are carried to a grave during a mass funeral at St Sebastian Church on April 23, 2019 in Negombo, Sri Lanka. At least 311 people were killed with hundreds more injured after coordinated attacks on churches and hotels on Easter Sunday rocked three churches and three luxury hotels in and around Colombo as well as at Batticaloa in Sri Lanka. Sri Lankan authorities declared a state of emergency on Monday as police arrested 24 people so far in connection with the suicide bombs, which injured at least 500 people as the blasts took place at churches in Colombo city as well as neighboring towns and hotels, including the Shangri-La, Kingsbury and Cinnamon Grand. (Photo by Carl Court/Getty Images)

යහපාලන රජය මෙරට බුද්ධි අංශ දුර්වල කිරීම මෙම ප්‍රහාරය එල්ල වීමට හේතුවක් බව කී ඒ මහතා, බුද්ධි නිලධාරීන් ආරක්ෂා කිරීමට යාම නිසා තමන් ද අද ඇප මත සිටින චූදිතයෙක් බවට පත් ව සිටින බව පැවැසීය. බෝම්බ හයක් එකවර පුපුරවා හැරි ලොව ප්‍රථම අවස්ථාව පාස්කු ඉරු දින ප්‍රහාරය බවත් ත්‍රස්තවාදය මර්දනය කළ හැකි බව ලොවට කියා දුන් ශ්‍රී ලංකාවට, මෙම ත්‍රස්ත ප්‍රහාරය ගැන විදෙස් තොරතුරක් ඔස්සේ දැන ගැනීමට ලැබීම අගෞරවයක් බව ද පැවැසූ ඒ මහතා, ජීවිත කාලය පුරාම රට රැක ගැනීමට කැප වූ නිලධාරියෙක් ලෙස තමන්ට මෙම ප්‍රහාරයේ කම්පනය හැමදාමත් පවතන බව ද කියා සිටියේය. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය, වනාතවිල්ලුව, වව්නතිව් පොලිස් මුරපොළට පහර දීම වැනි සිදුවීම් ගැන සීඅඩිඩිය විසින් පරීක්ෂණ කිරිමේ දී නිවැරදි මාර්ගයේ ගමන් නොකළ බව අවධාරණය කළ ඒ මහතා, මෙහි වගකීම එල්.ටී.ටී.ඊ.යට නොපවරා නිසි විර්ශනයක් කළේ නම් වැදගත් කරුණු රැසක් සොයා ගැනීමට හැකිව තිබු බවද ඒ මහතා කීවේය.

A woman who lost her husband and two children during the bombing at St Sebastian’s Church yells towards the graves during a mass burial for victims at a cemetery near the church in Negombo, three days after a string of suicide bomb attacks on churches and luxury hotels across the island on Easter Sunday, in Sri Lanka April 24, 2019. REUTERS/Thomas Peter

ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබුණු ආකාරය ප්‍රකාශ කිරිමෙන් විශාල වරදක් කර ඇති බවත් ඒ තොරතුර අපට ලැබුණු අවසන් බුද්ධි තොරතුර බවත් පැවැසීය.

උපුටා ගැනීම දිනමිණ

READ:   ප්‍රබල භූ කම්පනයක් හටගනී..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්