Tuesday, April 21, 2026
Homeදේශීයවේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දමයි

වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දමයි

කොවිඩ්  19 ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම සැලකිල්ලට ගනිමින් වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගත් බව එම ආර්ථික මධ්‍යස්ථානය බාර සභාපති , ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 
මෙහි වෙළඳ සහායකයින් කිහිප දෙනෙකු සහ පිටස්තරින් පැමිණ ඇති 9 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බව  පී.සී.ආර් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත. 
මේ හේතුවෙන් මෙහි වෙළඳුන් , නාට්ටාමිවරුන් සහ එළවළු රැගෙන එන්නන් 363 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සදහා භාජනය කොට ඇති බවත් එම පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් එම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර විශ්‍රාමික මේජර් නිලන්ත කපුරුබණ්ඩාර මහතා පැවසීය. 
මේ අතර මෙම වෙළඳ මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයින් කිහිප දෙනෙකු තිහාරිය ප්‍රදේශයේ පදිංචි කරුවන්වවීම මත අද (5) තිහාරිය ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසකට පී.සී.ආර් පරීක්ෂණය සිදු කරන බව ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර මහතා කීය

lankadepa

READ:   අද සිට විදුලි කප්පාදු කාලය වැඩි වෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්