Thursday, May 14, 2026
Homeදේශීයකාදිනල් හිමිගෙන් රජයට අනතුරු ඇගවීමක් (VIDEO)

කාදිනල් හිමිගෙන් රජයට අනතුරු ඇගවීමක් (VIDEO)

මානව හිමිකම්වලට පිටින් යමින් මර්දනය සඳහා භාවිතා කළ ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනතටත් වඩා භයානක කරුණු අඩංගු කරමින් ආණ්ඩුව විසින් ගෙන එන නව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට එරෙහිව ජාත්‍යන්තර සහය ලබා ගැනීමට කටයුතු කරන බව කාදිනල් හිමිපාණන් වහන්සේ පවසනවා.

අද (4) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ මෙම අදහස් පළ කර සිටියා.

පැරණි පනත මෙන් රැදවුම් නියෝග නිකුත් කිරීමේ හැකියාව මෙන්ම යම් චෝදනාවක සත්‍යවාදී බව රහිත වූවත් පුරවැසියන් රඳවා නිදහස සීමා කිරීමට මෙම පනතින් රජයට බලය පැවරෙන බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

මෙම පනත තුළ තවත් භායනක අංගයක් ලෙස තම අභිමතය අනුව ජනාධිපතිවරයාට ඇතැම් සංවිධාන තහනම් කිරීමට ලැබෙන අසීමිත බලය හැදින්විය හැකි බව උන්වහන්සේ පැවසුවා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   "කඳුළෙන් සිතුවම් මවන සිත්තරාවිය" - කාව්‍යා අන්ජලී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්