AI පුහුණු මධ්‍යස්ථානයක් සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව පිහිටුවීමට සැලසුම්. ඒ සඳහා ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ජනපති අනුර කුමාර දිසානායක පවසයි.
විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මේ සඳහා සිංගප්පූරුවේ ආයතනයක් සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
මෙම මධ්‍යස්ථානය හරහා සාමාන්‍ය ජනතාවට, සමාගම්වලට සහ සිසුන්ට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දැනුම හා පුහුණුව ලබාගැනීමට අවස්ථාව සැලසීම අරමුණ වී තිබෙන්නේ.
එම අධ්‍යාපන අවස්ථා උපාධි මට්ටම දක්වා පුළුල් කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, තොරතුරු තාක්ෂණය හදාරන දරුවන්ට ඉදිරියට යාම සඳහා තවත් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළා.
“ඒක උපාධිය දක්වා යා යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපි එතැනට තමයි යා යුත්තේ. අයි.ටී. ඉගෙන ගන්න දරුවන්ට තවත් මට්ටම් කිහිපයකින් අපේ අයි.ටී. අංශය දියුණු විය යුතුයි” යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අද (12) කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවැත්වෙන Sri Lanka Economic and Investment Summit 2026 සමුළුවට සමගාමීව පැවති විශේෂ Fireside Chat සාකච්ඡාවට එක්වෙමින්.
ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කරන මෙම දෙදින සමුළුව ඔක්තෝබර් 12 සහ 13 යන දිනවල කොළඹ දී පැවැත්වෙනවා.ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, විදේශ ආයෝජන, ඩිජිටල් ආර්ථිකය සහ අනාගත ආර්ථික වර්ධනයට අදාළ කරුණු එහිදී සාකච්ඡාවට ලක් කෙරුණු ඇති.
ජනාධිපතිවරයා සහභාගි වූ මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති සහ ශ්‍රී ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිංගුමාල් තේවරතන්ත්‍රි මහතා විසින්.
කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය පුළුල් කිරීමේ මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැනුම වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන සිසුන්ට මෙන්ම නව තාක්ෂණය තම ව්‍යාපාර සඳහා යොදාගැනීමට උනන්දුවක් දක්වන සමාගම්වලට ද අවස්ථා සැලසීමේ හැකියාව පවතී.
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා…
ඉබේබාගමුව ජනරැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සෙහෝදරයා සිදු කළ කතාව - 2026.10.11 අෙප් ආණ්ඩුව…
හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…