Prime Group Australia Sri Lanka Business Awards 2026
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් Prime Group ගෙනයන වැඩපිළිවෙළට ඕස්ට්‍රේලියාවෙන් විශේෂ ඇගයීමක් හිමිව තිබෙනවා.
ඒ, Australia Sri Lanka Business Council (ASLBC) විසින් සංවිධානය කළ Honor Roll & Business Awards 2026 සම්මාන උළෙලේදීයි.
ඔක්තෝබර් 5 වැනිදා Melbourne හි Pullman Melbourne on the Park හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේදී, ශ්‍රී ලංකාවට සැලකිය යුතු විදේශ සෘජු ආයෝජන ගෙන ඒම සඳහා දේපළ වෙළෙඳපොළ හරහා Prime සිදුකරන මෙහෙවර විශේෂයෙන් ඇගයීමට ලක්වු
Prime පවසන්නේ මෙම ඇගයීම ශ්‍රී ලංකාවේ දේපළ විකිණීමෙන් ඔබ්බට ගොස්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආයෝජන ගමනාන්තයක් ලෙස ලෝකයට හඳුන්වාදීමේ වැඩපිළිවෙළට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමක් බවයි.
ඕස්ට්‍රේලියාවට පමණක් සීමා නොවී එක්සත් රාජධානිය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ GCC කලාපය ඇතුළු රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන් ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කරගැනීම Primeගේ ජාත්‍යන්තර වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් වී තිබේ.
Primeගේ ජාත්‍යන්තර ගමනේ මෑතකාලීන සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස Prime Marina 1 සහ Prime Marina 2 ව්‍යාපෘති හඳුන්වා දිය හැකි බව සමාගම පවසයි.
Port City Colombo තුළ ජාත්‍යන්තර මට්ටමේ waterfront real estate අවස්ථා ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළට ගෝලීය වේදිකාවේ තරග කළ හැකි හැකියාව මෙම ව්‍යාපෘති හරහා පෙන්වා දී තිබේ.
මේ අතර Primeගේ Australia සහ New Zealand සංචාරය සඳහා Bathiya & Santhush (BNS) Brand Ambassadors ලෙස එක්වීමද විශේෂ අවධානයට ලක්ව තිබේ.
Melbourne, Sydney, Adelaide, Brisbane, Perth සහ Christchurch ඇතුළු නගරවලදී ශ්‍රී ලාංකික ප්‍රජාව මෙන්ම විභව ජාත්‍යන්තර ආයෝජකයන් සමඟ සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ දේපළ ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කර තිබූ බව Prime පවසයි.
Prime Group හි සභාපති Premalal Brahmanage සඳහන් කර ඇත්තේ පසුගිය වසර තුන හතරක කාලය තුළ ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ලෝකයට ගෙන යාමේ පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවයි. ජාත්‍යන්තර ආයෝජකයන් ශ්‍රී ලංකාවේ දේපළ මිලදී ගැනීම හරහා මෙරටට විදේශ විනිමය ගෙන ඒම එහි ප්‍රධාන අරමුණක් බවද ඔහු සඳහන් කර තිබේ.
දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ දේපළ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන Prime, මේ වනවිට සිය ජාත්‍යන්තර මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ දේපළ ආයෝජන අවස්ථා ගෝලීය වෙළෙඳපොළ වෙත ගෙන යමින් සිටින බව සඳහන් කරයි.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…