file
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2 සීමාව ඉක්මවා යාමට සමත් වී ඇති බව පවසයි.
ඒ අනුව, 2026 ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ සමස්ත දෙපාර්තමේන්තු ආදායම රු. බිලියන 2,040ක් ලෙස වාර්තා වී ඇත. 2025 වසරේ එම කාලය තුළ වාර්තා වූ රු. බිලියන 1,642ක ආදායමට සාපේක්ෂව මෙය රු. බිලියන 398ක වැඩිවීමක් වේ.
2026 වසර සඳහා අදාළ වාර්ෂික ආදායම් ඇස්තමේන්තුව රු. බිලියන 2,401ක් වන අතර, සැප්තැම්බර් 30 වන විට එම වාර්ෂික ඇස්තමේන්තුවෙන් 85%ක් සපුරා තිබේ.
එමෙන්ම, 2026 සැප්තැම්බර් මාසය තුළ පමණක් රු. බිලියන 288ක ආදායමක් රැස්කර ඇති අතර, 2025 සැප්තැම්බර් මාසයේ රු. බිලියන 216ක ආදායමට සාපේක්ෂව එය රු. බිලියන 72ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
ඒ අනුව, 2026 වසරේ මුල් මාස නවය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අත්කරගෙන ඇති ආදායම් ප්‍රගතිය මගින්, වාර්ෂික ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා මේ දක්වා ලබා ඇති ප්‍රගතිය පැහැදිලිව පෙන්නුම් කරන අතර, බදු ගෙවන්නන් විසින් ස්වේච්ඡාවෙන් බදු ගෙවීම සඳහා වන පෙළඹවීමත් බදු පරිපාලනයේ කාර්යක්ෂමතාවයක් මේ සඳහා සෘජුවම බලපා ඇත.
උපුටාගැනීම: දිනමිණ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…