Saturday, June 6, 2026
Homeදේශීයසුනාමි ව්‍යවසනය සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

සුනාමි ව්‍යවසනය සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

දහස් ගණනක් ජීවිත බිලිගත් සුනාමි ව්‍යවසනය සිදුවී අද දිනට (26) වසර 18 ක් වෙනවා.

2004 දෙසැම්බර් 26 වන දින උදම් රළ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් ආක්‍රමණය කළ අතර සුනාමි ව්‍යවසනයට ගොදුරු වූ මෙරට ජනතාව අතරින් ආසන්න වශයෙන් 35,000 ක් පමණ ජීවිතක්ෂයට පත්විය. උදම් රළ පහරින් තවත් පුද්ගලයින් 5000 ක් පමණ අතුරුදහන් විය. පුද්ගලයින් 502,456 කට බලපෑම් කළ සුනාමි රළ පහර පවුල් 235,145 ක් මුළුමනින්ම ආපදාවට ලක් කරවිය.

සුනාමි ව්‍යවසනයයේ මෙරටට අහිමිවු දහස් සංඛ්‍යාත මිනිස් ජිවිත සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කිරීමට නියමිතයි.

READ:   ගැබිණි මව්වරුන්ට කොවිඩ් එන්නත ලබාගන්නැයි ඉල්ලීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්