Wednesday, April 15, 2026
Homeදේශීයගෝඨාභයගේ ගම සමග පිලිසඳරෙන් බේරුණු අඩි 6000කට ආසන්න උස පිදුරුතලාගල ඇපල් ෆාම්...

ගෝඨාභයගේ ගම සමග පිලිසඳරෙන් බේරුණු අඩි 6000කට ආසන්න උස පිදුරුතලාගල ඇපල් ෆාම් වනාන්තර ඉඩම් රනිල් වනසයිද?


හෙට දිනයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නුවරඑළියේ සංචාරය කිරීමට නියමිතය. එහිදී නුවරඑලිය දිස්ත්රික්කයේ සංවර්ධනය සහ ගැටළු පිළිබඳව සාකච්චා කිරීමට නියමිතය. මෙහි ඇජෙන්ඩාව ගම සමග පිළිසඳරේදී මෙන්ම සුපුරුදු පරිදි අපට ලැබී ඇත. එකම වෙනස ගම සමග පිළිසඳර ජනතාව සමග කළ හැකිව තිබු නමුත් දැන් සියල්ල කළ යුතුව ඇත්තේ වැසූ දොරවල් සහ දැඩි ආරක්ෂාව යටතේය. මෙය දේශපාලකයින්ට සහ නිලධාරීන්ට පමණක් විවුර්ත පිලිසඳරක් බැවින් අපට හෝ අප නියෝජිතයින්ට ඇත්ත කියන්නට අවස්ථාව නැත. එසේ හෙයින් පොදු මහා ජනතාවට වෙන්ට යන, විය හැකි නස්පැත්තිය සහ කුමන්ත්‍රණය ලියා තැබිය යුතුය.
සමහර දේශපාලඥයින්ගේ සහ ඔවුන්ගේ අවශ්‍යතා වලට නටන සමහර රාජ්‍ය නිලධාරීන් සහ උපදේශකයින් ගොථාභය මෝඩයා කළා පමණක් නොව අවසානයේ යන එන මං නැතිකලේ පරිසර වැනැසීමෙනි. මෙහිදී ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් නමින් බැසිල් රාජපක්ෂ විසින් ඉඩම් කොල්ලකෑමට Covid අර්බුධය සහ ආහාර සුරක්ෂිතාව සම්බන්ද කමිටුව මට මතක හැටියට 2020 මැයි වල රජයේ ඉඩම් ආහාර භෝග 10ක් වැවීමට යොදාගත යුතු යයි යෝජනා කළා ඔබට මතක ඇත. එම කැබිනට් තීන්දුවෙන් විය හැකි හානියේ ස්වභාවය පසුකාලීනව ගසන ලද ගැසට්ටු (සමහර ඒවා පසුව අවලංගු කළ බවද ඔබට මතක ඇත) සහ 1/2020 චක්‍රලේඛ එන්නට පෙර පළමුවෙන්ම අප ලියා තැබුවා මතකය. ඒවා තවමත් මාගේ වෝලයේ ඇත.
ඒ හා සමානවම රනිල්ගේ ආහාර සුරක්ෂිතතා කමිටුවට කුප්‍රකට හිටපු ලේකම්වරයෙකු පත් කර ඇත. ඔහු විසින් වත්තේගම කබලිත්ත අක්කර 50000ක් වැනසීමට මේ වන විටත් අර අදිමින් සිටී. ඒ බද ඉරිඟු වගාවටය. මේ සම්බන්ධව ජනාධිපතිවරයාට මා දුරකතනයෙන් කතා කර පැමිණිලි කළ අතර ඔහු විසින් අදාළ වන විනාශය ගැන සොයා බලන බවත්, වෙනත් සිදුවන වන විනාශයන් පිලිබඳ ලැයිස්තුවක් දෙන ලෙසත් ඉලා සිටින ලද අතර මා එය මේ වන විටත් ඔහුටත් බටගොඩ හැරෙන්නට ඔහුගේ තවත් උපදේශකයින් දෙදෙනෙකුටත් යවා ඇති නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාරක් නැත.
බැසිල්ගේ කාරිය බටගොඩලෑ වැනි අයවලුන් සහ තවත් අවස්ථාවාදීන් ආහාර සුරක්ෂිතත්වා නමින් ඉඩම් කොල්ලය සැරටම අරඹා ඇත. තවත් ජනාධිපති උපදේශකවරයෙන් තම ආයතනයේ නමටම රජයේ ඉඩමක් ලබාගන්නට ගොස් මාට්ටු වුනේ සතියකට දෙකකට පෙරය. මේ කියන්නට යන කොල්ලය එසේ මෙසේ එකක් නොවේ. ලංකාවේ උසින්ම පිහිටි රටේ වටිනාම ජළ පෝශකය ගැනය. එනම් පිදුරුතලාගල රක්ෂිතයේ ඉඩම් කොල්ලය ගැනය. මේ සම්බන්ධව මා විසින් ලියා ඇති ලිපි ප්‍රමාණය විශාලය ඒවායේ ල්න්කු මෙහි අගින් අමුණා ඇත. එබැවින් එකම දෙය නැවත නැවත කියන්නට යන්නේ නැත. පිදුරුතලාගල තරම් වටිනා රක්ෂිතයක් ලංකාවේ නැත. අමුණා ඇති පින්තුර වල මෙය වෙනමම දක්වා ඇත.
හෙට Agenda එකේ ප්‍රමුඛ කාර්යක් වන්නේ ඇපල් ෆාම් ඉඩම් ගැටලුව සාකච්චා කිරීමට. මේ සම්බන්ධව දිස්ත්‍රික් ලේකම් වරයාගෙන් අප විමසා සිටින ලද අතර ඔහු පවසන්නේ ගැටලුව අවසන් කිරීම තමාගේ අභිලාශය බවය. ඔහුට අනුව සහ අප දැනටමත් දන්නා කරුණ අනුව ප්‍රසිද්ද ව්‍යාපාරිකයින් 5 දෙනෙකු විසින් පිදුරුතලාගල ඉඩම් අක්කර 120ක් පමණ භුක්ති විඳින අතර එක් ධනවත් ව්‍යාපාරිකයකු අක්කර 50ක් පමණ භුක්ති විඳියි. ඔහු හිටපු ජනපතිවරයකුගේ සමීප හිතවතෙකු බව කියයි. දිස්ත්‍රික් ලේකම්ට අනුවද ඇපල් ෆාම් ඉඩම් සංරක්ෂණයට සහ අනවසරකරුවන්ට විකල්ප හෝ නියමිත ඉඩම් අක්කර ප්‍රමාණය ලබාදීමට ඇති ගැටලුව මෙම විශාල ව්‍යාපාරිකයින්ට. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් අපට ප්‍රකාශ කරන කාරනා අනුව පෙනී යන්නේ ඔහුද මෙම ඉඩම් කොල්ලය ගැන 100%ක් දැනුවත් බවය.
එසේම ඔහුට අනුව, පිදිරුතලාගල ජලපොශකයක් වනයක් ලෙස සංරක්ෂණය කළ හැකිනම් එය මුල්ම විසඳුමයි. එසේ නොමැතිනම් නුවරඑලිය දිස්ත්‍රික්කයේ අවතැන් 1500ක් පමණ වන කොටසින් කීප දෙනෙකුට අවශ්‍ය ඉඩම් ඇපල්ෆාම් වලින් ලබාදිය හැකිය. ඒ අනුව මෙම 1500 පදිංචි කිරීමට දිස්ත්‍රික් ලේකම්ට අවශ්‍ය සම්පුර්ණ ඉඩම් ප්‍රමාණය අක්කර 200ක් පමණ වේ, පිදුරුතලාගල ඇපල් ෆාම්ගී අක්කර 250 ත් 300ථ් අතර ඉඩම් ප්‍රමාණයක් ජාවාරම්කරුවන් භුක්ති විඳින බව දිස්ත්‍රික් ලේකම් කියයි. ඉන් ලබාදිය හැකි කොටසක් වේ නම් ලබාදෙන්නේ නම් පර්චස් 20 බැගින් කිහිපදෙනෙකු හෝ පදිංචිකළ හැකිය.
මා විසින් පෙන්වා දුන්නේ ඊට සුදුසු වතු සමාගම් ඉඩම් නුවරඑළියේ නොමැතිද යන්නය. ඔහු මෙන්ම අදාළ ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධ වෙනත් ආයතනද පවසන්නේ අවශ්‍යනම් අක්කර 1000ක් හෝ මෙකී වැවිලි සමාගම්වල අතහැර දමන හෝ නඩත්තු නොකරන ඉඩම්වලින් ලබාගත හැකි බවය. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයද මෙම ඉඩම් කලකට කලින් ඉල්ලා ඇත. එසේනම් විසඳුම ඇත්තේ එතනය. එක්කෝ LRC ඉඩම් හෝ වෙනත් වැවිලි ආයතන සතු ඉඩම් මීට ගත හැකිය. පිදුරුතලාගල කොලනියක් කිරීමට අවශ්‍ය නැත.
හෙට ඉහත කී මංකොල්ලකරුවන්, ඔවුන්ගේ දේශපාලඥයින් සහ ඔවුන්ට හිතැති නිලධාරීන් හරහා ජනාධිපතිවරයාට ඇපල් ෆාම් ඉඩම් නිදහස් කර දෙන ලෙස ඉල්ලීමට නියමිත. ජනාධිපතිවරයා සමහ මා කළ දුරකථන සංවාදයේදී ඔහු ප්‍රකාශ කලේ මෙවැනි ජලපෝෂක වැදගත්කමක් ඇති කඳුකරයේ ඉඩම් සංරක්ෂණය කලයුතු බවත්, 32% වන ආවරණය නීතිමය අවශ්‍යතාවක් කිරීමට තමා කැපව ඇති බවත්, හෙක්ටයාර ලක්ෂ 200 ප්‍රතිවන වගාවට කැපවන බවත්ය. නමුත්, පහසුම කාර්ය පවතින වනාන්තර සහ වනාතර කළ හැකි ඉඩම් ආරක්ෂා කිරීම බවත් අප පෙන්වා දුනිමු. හෙට දිනයේදී ඇපල් ෆාම් පිදුරුතලාගල ඉඩම් ගැන ජනපතිගේ ප්‍රතිචාරය අනුව ඔහු අවංකව වනාන්තර ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේද, නැතිනම් ජාවාරම්කරුවන්ට වනාන්තර වැනසීමට ඉඩදෙන්නේද යන්න බලාගත හැකිය.
S.B, CB පමණක් නොව චන්ද්‍රසේනලා පවා මෙම ඉඩම් වලට කෙල හලමින් සිටි අතර වරක් කැබිනට් පත්‍රිකාවක් සකස් කළ අතර ඒ සම්බන්ධව අප දැනගැනීමේන් පසු මේ ආකාරයෙන්ම නොයෙක් මාධ්‍ය හරහා ප්‍රචාරක් ලබාදුන් අතර ඉන් කුපිත වූ චන්ද්‍රසේන අමාත්‍යවරයා රාත්‍රී 11ට පමණ මා අමතා එවැනි උත්සහයක් නොමැති බවත් අදාළ පොස්ටුව ඉවත් කරගන්න ලෙසත් වක්‍ර ලෙස තර්ජනයක් කළ අතර අප ප්‍රකාශ කළේ එවැනි උත්සාහයක් නොමැතිනම් එය ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කරන ලෙසත්ය.
හෙට දිනයේ ඇජෙන්ඩාවේ ඇති එකම ගැටලුව මෙය නොවුනත් වගා සංග්‍රාමය මුවාවෙන් ඉඩම් කොල්ලයට ඉඩ සැලසෙන සහ දේශපාලඥයින්ට LRC ඇතුළු ඉඩම් චන්ද වෙනුවෙන් බෙදාදීම මුලික කටයුතක් ලෙස ගන්නට සුදානම් බව පෙනේ.
රන්දෙනිගල ජලාශය පමණක් නොව කුරුඳු ඔය මෙන්ම වලපනේ කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන් රඳා පවතින්නේ මෙම පිදුරුතලාගල ඇපල් ෆාම් රක්ෂිත ප්‍රදේශය ඇතුළු රක්ෂිතය නිසාය. එය වනසා මැණික් ගැරීම, දඩයම් කිරීම මෙන්ම වෙනත් නොයෙක් අක්‍රමිකතා සිදුකරන්නේ මෙම ඇපල් ෆාම් ඉඩම් අල්ලාගෙන සිටින මන්කොල්ලකරුවන්ය. ඔවුන් නෙරපීමට අවශය නඩුකටයුතු දැන් වසර ගණනාවක සිට ක්රියාත්ම වන අතර, ඉහළ අධිකරණ හරහා අදාළ නෙරපීම් මෙම මහාපරිමාණ ව්‍යාපාරිකයින් තාවකාලිකව නවතාගෙන සිටී. ඔවුන්ගේ අවසාන අරමුණ වන්නේ පිදුරුතලාගල හෝටල් සංකීර්ණ ඉදිකර කොන්ක්‍රීට් වනයක් කිරීමය. ඊට භාවිතා කරන පළමු උපක්‍රමය නම් සරුසාර එළවලු වගාවක් කරන බවත්, එමගින් ආහාර සුරක්ෂිතතාවට තමන් දායක වන බවත්, එමනිසා අදාළ ඉඩම් ඔවුන්ට ලබාදෙන ලෙසත් ඉල්ලීමය.
මෙම උප්පරවැට්ටියට සහ අවස්ථාවාදී දේශපාලන ගුණ්ඩුව ලෙස ඉඩම් බෙදීමට සහ අදුරදර්ශී දුෂිත නිලධාරීන් යෝජනා කරන පිදුරුතලාගල අවතැන් වුවන් පදිංචි කිරීම වෙනුවට මෙකී අක්කර 250කට වඩා ඇති සුවිශේශී ජල පෝෂක වනාන්තර ඉඩම් පිදුරුතලාගල රක්ෂිතය ලෙසින්ම ආරක්ෂා කිරීමට, අදාළ තීරණ ගන්නා නාකියයින් කටයුතු කරනු ඇතැයි අප උදක්ම අපේක්ෂා කරමු !

READ:   අඩි දහස් ගණනක් ඉහළ අහසේ කේබල් කාරයක් තුළ පාසල් ළමුන් පිරිසක් හිරවෙයි.


*වැසි වනාන්තර සුරකින්නෝ !


උපුටා ගැනීමකි.

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්