දේශීය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ සහභාගීත්වයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යපෘතීන් අද (02) ආරම්භ කිරිමට නියමිතය.

බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ ජාතික ඉලක්කයට සමගාමිව ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම, සැපයුම් පිරිවැය අවම කිරීම සහ අනාගත ගුවන් ඉන්ධන ඉල්ලුම සඳහා ධාරිතාව සැපයීම වෙනුවෙන් මෙම ව්‍යපෘතීන් ක්‍රියාත්මක වේ.

මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගත ඉල්ලුම සාර්ථකව සපුරාලමින්, ගුවන් ඉන්ධන සැපයුම් සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ප්‍රවාහන වියදම් අවම කිරීම අරමුණු කරගනිමින් මුතුරාජවෙල සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ කරමින්, ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහාම වෙන් වූ විශේෂ නළ මාර්ගයක් සහ ඊට සම්බන්ධ ටැංකි සංකීර්ණයක් ඉදිකිරීම් ආරම්භ වනු ඇත.

ඝන මීටර් 92,000 ක සමස්ත ධාරිතාවකින් යුත් නව ජෙට් ඒ-1 ඉන්ධන ටැංකි පහක් ඉදිකිරීම් ආරම්භ වන අතර මෙහි විශාල ජෙට් ඒ-1 ටැංකි දෙකක් (එකක් ඝන මීටර් 30,000 බැගින්), මධ්‍යම ප්‍රමාණයේ ටැංකි දෙකක් (එකක් ඝන මීටර් 15,000 බැගින්) සහ ඝන මීටර් 2,000 ක වන අතිරේක ටැංකියක් (Product Downgrade Tank) ඇතුළත් වේ.

මුතුරාජවෙල ටැංකි සංකීර්ණයේ සිට කිලෝමීටර් 21ක් දිග සහ අඟල් 10ක විෂ්කම්භයකින් යුත් භූගත නළ මාර්ගයක් ඔස්සේ ගුවන්තොටුපොළ වෙත ඉන්ධන සැපැයුම් නළ පද්ධතිය සම්බන්ධ කෙරේ. මෙහි ඉදි කිරීම් මාස 30ක කාලයක් තුළ නිම කිරීමට අපේක්ෂිතය.

file

Recent Posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

4 hours ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

2 days ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

2 days ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

2 days ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

4 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

4 days ago