දේශීය

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස්

2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවේ විත්තිකරුවන් 24 දෙනා අතරින් 15 දෙනෙකු වරදකරුවන් බවට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) තීන්දු කළේය.

ඒ අනුව, නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් බව අධිකරණය තීන්දු කර තිබේ.

නඩුවට අදාළව චෝදනා එල්ල වී සිටි සෙසු විත්තිකරුවන් 9 දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල Trial-at-Bar විනිසුරු මඩුල්ලක් විසිනි. එම මඩුල්ලට විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රමනාතන් කන්නන් සහ සූජීව නිශ්ශංක ඇතුළත් වේ.

පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව චෝදනා 23,270ක් යටතේ මෙම නඩුව පවරා තිබිණි. නඩුවේදී නඩු විභාගය වසර පහකට ආසන්න කාලයක් පැවති අතර, පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබේ.

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරවලට අදාළව කොළඹ, මීගමුව සහ මඩකලපුව ඇතුළු ප්‍රදේශවල පිහිටි දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.

අද ප්‍රකාශයට පත් කළ තීන්දුව අනුව වරදකරුවන් ලෙස තීන්දු කළ විත්තිකරුවන් සඳහා දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් නඩුව නැවත කැඳවීමට නියමිතය.

Recent Posts

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 day ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

1 day ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

1 day ago

Ceylon Green Life Plantation පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…

1 day ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

4 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

4 days ago