නීතිඥ අජිත් ප්‍රසන්න මහතා වැලිකඩ බන්ධනාගාරයේ වසර තුනහමාරකට ආසන්න කාලයක් ගත කළ තම අත්දැකීම් පිළිබඳව සමාජ මාධ්‍ය සටහනක් තබමින්, මෙරට බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු රැසක් පිළිබඳ අදහස් පළ කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු වසර 4ක සිර දඬුවමක් අනුව 2023 පෙබරවාරි 24 වන දින තමන් වැලිකඩ බන්ධනාගාරයට පැමිණි බව ඔහු සඳහන් කර ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ H, M සහ K වාට්ටුවල රැඳී සිටි බව සඳහන් කරන අජිත් ප්‍රසන්න මහතා, එහිදී ගත කළ ජීවිතය ඉතා සරල එකක් වූ බවත්, ජීවිතය පිළිබඳ නැවත සිතා බැලීමට එම කාලය අවස්ථාවක් වූ බවත් පවසයි.
ඔහු සඳහන් කරන්නේ බන්ධනාගාරය තුළ රැඳවියන් සඳහා පවතින පහසුකම්, ආහාර, සෞඛ්‍ය සේවා සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කළ යුතු බවයි.
“සිරකරුවෝ මනුෂ්‍යයෝය” යන සංකල්පය බන්ධනාගාර තාප්පයට පමණක් සීමා වී ඇති බව පවසන ඔහු, ගෙදරින් ආධාර නොලැබෙන බොහෝ රැඳවියන් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා අපහසුතාවට පත්වන බව සඳහන් කරයි.
එමෙන්ම, රැඳවියන්ගේ මානසික තත්ත්වය, පවුල් ගැටලු සහ ඔවුන්ගේ පුනරුත්ථාපනය සඳහා වැඩි අවධානයක් අවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.
බන්ධනාගාරය තුළදී රැඳවියන්ට නීතිමය උපදෙස් සහ මානසික සහාය ලබාදීමට තමන්ට අවස්ථාව ලැබුණු බව සඳහන් කරන අජිත් ප්‍රසන්න මහතා, ඉදිරියේදී සිරකරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර ඇත.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…