දේශීය

ශ්‍රී ලංකාවේ මහාචාර්ය නිෂාන් කනගරාජාට චාල්ස් රජු වෙතින් නයිට් පදවිය

බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නයිට් පදවියෙන් පිදුම් ලබා ඇත.

file

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ඔහු ඉටුකළ විශිෂ්ට සහ සුවිශේෂී සේවාව ඇගයීමට ලක්කරමින් මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.

වින්ඩ්සර් මාලිගයේ පැවති නිල ගෞරව සම්මාන පිරිනැමේ උත්සවයේදී , බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු අතින් ඔහු මෙම උත්තමාචාරයට පාත්‍ර විය.

මෙම පදවියෙන් පිදුම් ලැබීමත් සමග ඔහුට තම නාමය ඉදිරියට “ශ්‍රීමත්” (Sir) ගෞරව නාමය භාවිත කිරීමේ සුදුසුකම හිමිවේ.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට සේවය අගයමින් 2026 වසරේ රජුගේ අලුත් අවුරුදු නිර්දේශ නාම ලේඛනයට ද ඔහුගේ නම ඇතුළත් කර තිබුණි.

සාම්ප්‍රදායික කඩුවෙන් මහාචාර්යවරයාගේ උරහිස ස්පර්ශ කරමින් චාල්ස් රජු විසින් මෙම නයිට් පදවිය පිරිනමා ඇති අතර, චාල්ස් රජු අතින් මෙම සම්මානය ලැබීමට හැකිවීම තමන්ට විශාල ගෞරවයක් බව මහාචාර්ය නිශාන් කනගරාජා මහතා පවසයි.

1966 වසරේ යාපනය ප්‍රදේශයේ උපත ලැබූ මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා තිදරු පියෙකි.

යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු, සිය මූලික හා ද්විතීයික අධ්‍යාපනයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයේ ලොව සුප්‍රකට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තු විද්‍යාලයට ඇතුළත් විය.

උපුටා ගැනීම -දිනමිණ

Recent Posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

6 days ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

6 days ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

1 week ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 week ago