දේශීය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනය කිරීමට අනු කාරක සභාවක්

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් /COPE) විසින් අනු කාරක සභාවක් පත් කිරීම පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.

ඒ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට කෝප්හි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වර්තමාන කාර්යසාධනය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර මෙම ආයතනයේ සංවර්ධනය සඳහා සහ ශිෂ්‍යයන්ගේ යහපත වෙනුවෙන් අවශ්‍ය කරුණු සොයා බලා වාර්තා කිරීමට අනු කාරක සභාවක් පත් කිරීම සුදුසු බව කෝප් කාරක සභාවේ සභාපතිවරයා යෝජනා කළේය.

මේ අනුව කෝප් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම, සුජීව සේනසිංහ සහ ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම අනු කාරක සභාව පත් කිරීමට නිරිදේශ වූ අතර මෙම අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පත් කෙරිණි.

මාස දෙකක් ඇතුළත අවශ්‍ය සියලු පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් කරුණු පරීක්ෂා කර බලා වාර්තාවක් සකස් කරන ලෙස අනු කාරක සභාව පත් කරමින් කෝප් කාරක සභාවේ සභාපතිවරයා දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලාවලට සඳහා සිසුන් ඇතුළත් වීමේ ප්‍රතිශතය අඩු මට්ටමක පැවතීම මෙන්ම පාඨමාලාවලට ඇතුළත්වන සිසුන් අතරින් පාඨමාලාව අවසන් කරන සිසුන් ප්‍රමාණය අඩු ප්‍රතිශතයක පැවතීම සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාවේ අවධානය යොමු විය. ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට පැමිණෙන සිසුන්ට ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමෙන් පසු (Top Up Degree) උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවන් සම්බන්ධීකරණය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව කාරක සභාව පෙන්වා දුන්නේය. තාක්ෂණික පාඨමාලා ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාව විසින්අවධාරණය කරන ලදි.

ආයතනය විසින් ආරම්භ කළ පර්යේෂණ අවසන් කළද එම පර්යේෂණ ප්‍රකාශයට පත් කිරීමේ අඩුවක් පවතින බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. වසර තුනක කාලයක් පර්යේෂණයකට ලබාදෙන බවත් එම කාලසීමාව තුළ පර්යේෂණය අවසන් කළද පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් වීමට තවත් වසර දෙකක පමණ ගත වන බවත්, පිළිතුරු දෙමින් පැමිණි නිලධාරීහු පෙන්වා දුන්නහ. පර්යේෂණයක් අවසන් වීමෙන් පසු පර්යේෂණ ලිපි ශාස්ත්‍රීය ග්‍රන්ථවල පළ කිරීමටද කාලයක් ගත වීම ඊට හේතුව බව එම නිලධාරීහු පැවසුහ .

විදුලි වියදම අවම කර ගැනීම සඳහා 2017-2021 අතර කාල සීමාව තුළ දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ කොළඹ (මට්ටක්කුලිය) උසස් තාක්ෂණ ආයතනයේ ස්ථාපිත කළ සූර්ය පැනල බලශක්ති පද්ධතීන්ට අදාළ අභ්‍යන්තර විදුලි රැහැන් සවි නොකිරීම නිසා තොග විදුලි සම්බන්ධතාවය ලබා ගැනීමට කටයුතු කර නොතිබීම කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. මෙම සූර්ය පැනල සවි කළ ආයතන මේ වන විට බංකොලොත් භාවයට පත්වී ඇති බවත් මේ නිසා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි වී ඇති ආයතනවලින් හෝ මේවා පිළිසකර කිරීම සහ සේවා කිරීම අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්නහ. මේ අනුව හැකි ඉක්මනින් ‍ මෙම සූර්ය පැනල ක්‍රියාකාරී මට්ටමට පත් කරන ලෙස කාරක සභාව උපදෙස් දුන්නේය.

මීට අමතරව ආයතනයේ උපායමාර්ගික සැලැස්ම සහ ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, ඩී. වී. චානක, අබූබකර් අතම්බාවා, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, තිලිණ සමරකෝන්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, රුවන් මාපලගම, ධර්මප්‍රිය විජේසිංහ, චන්දිම හෙට්ටිආරච්චි සහ දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.

උපුටා ගැනීම දිණමින

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

13 hours ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

13 hours ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

7 days ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

7 days ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago