දේශීය

හෙරොයින් සහ අයිස් කිලෝ 335ට අධික තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් සැකකරුවන් 06ක් සමඟ බටහිර ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට..

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙණ උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන (2025 නොවැම්බර් 02) දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙණ උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250ක‍ට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85කට අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මැතිතුමා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

file

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, ‘මතින් තොර රටක් – නිරෝගී පුරවැසි දිවියක්’ යන දැක්ම යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් හමුදා, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අතුළු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා එක්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇත.

ඒ අනුව, නාවික හමුදාවට ලද විශ්වසනීය තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවට බටහිර දිග මුහුදේ නාවික හමුදා දිගදුර මෙහෙයුම් නෞකාවක් යොදවා සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කළ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් විෂ මත්ද්‍රව්‍ය අඩංගු උර දහසයක් (16) සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සැකකරුවන් හයදෙනෙකු (06) සමඟ නාවික හමුදා භාරයට ගැනීම සිදු කෙරිණි.

file

එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණයට එක්වූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් අදහස් දක්වමින්, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මනා සංවිධානයකින් යුතුව තීව්‍ර ලෙස සිදුකරන බැවින්, රටතුලට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම්කරුවන් හට එම කටයුතු වලින් ඉවත්වන ලෙස අවධාරනය කෙරිණි.

file

එහිදි, වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා, මුහුදු සහ ගුවන් මාර්ගයෙන් දිවයිනට මත්ද්‍රව්‍ය පැමිණිම වැලැක්වීම වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා‍ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ආරක්‍ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත්, දේශීය හා විදේශීය ආයතන හා එක්ව නාවික හමුදාව අනෙකුත් සන්නද්ධ හමුදා පොලීසිය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මනා සැලැස්මක් සහිතව, සහයෝගීව සිදුකරන ඒකාබද්ධ තීව්‍ර මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් හමුවේ, මත්ද්‍රව්‍ය රටතුලට ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බවත්, ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් පවසන ලදි.

file

විශේෂයෙන් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රටතුලට පැමිණිම වැලැක් වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන විශේෂ දායකත්වය ඇගයූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා, මත්ද්‍රව්‍ය පිටු දැකීමේ ජාතික මෙහෙයුම සඳහා එක්වී දැයේ අනාගත පරපුර මෙම මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත තොරතුරු ලබා දෙමින් සහය වන ලෙස මහජනතාව වෙතින් ඉල්ලීමක් සිදුකෙරිණි. එමෙන්ම, මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සිදුකරන කාර්යය භාරය විශේෂ ඇගයීමට ලක්කල එතුමා, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය වෙත සුවිශේෂ වගකිමක් පැවරෙන බවත් එහිදී වැඩි දුරටත් පවසන ලදි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රාව, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250ක‍ට අධික තොගය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85කට අධික තොගය සමඟ සැකකරුවන් හය දෙනා (06) ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

file
file

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

1 day ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

1 day ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago