file
දේශපාලන ප්‍රචාරණය සඳහා නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව (audio leaflet ) නිකුත් කිරීමට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානායකකාර පියවර ගෙන ඇත.
එළබෙන පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින ඔහු, සිය මැතිවරණ ප්‍රචාරණයට නවතම ප්‍රවේශයකින් අවතීර්ණ වෙමින් නිර්මාණය කර ඇති මෙම ශ්‍රව්‍ය පත්‍රිකාව ඉදිරියේදී ඩිජිටල් මාධ්‍ය අවකාශය ඔස්සේ බෙදාහැරීමට නියමිතය. මෙය වඩාත් කාර්යක්ෂමව සිය චන්ද දායකයින් ආමන්ත්‍රණය කළ හැකි ක්‍රමයකි.
මේ ආකාරයේ පරිසර හිතකාමී තාක්ෂණික භාවිතාවන් දේශපාලන ප්‍රචාරය උදෙසා යොදා ගැනීම ලෝකයේ දියුණු රටවල සුලභව දැකගත හැකි වෙතත් ශ්‍රි ලංකාවේ එවැන්නක් දැකගත හැකි මුල්ම අවස්ථාව මෙයයි.
දේශපාලන ප්‍රචාරණය සඳහා ශ්‍රව්‍යපත්‍රිකා භාවිතය මගින් දෘශ්‍ය ආබාධ සහිත සහ විවිධ සාක්ෂර මට්ටම් සහිත පුද්ගලයින් එකම ක්‍රමයකට ආමන්ත්‍රණය කිරීමට හැකිවෙයි. එපමණක්ද නොව එමගින් සිය දේශපාලන පණිවිඩය පහසුවෙන් බෙදාහැරීමට මෙන්ම වඩාත් කාර්යක්ෂමව සමාජ ගත කිරීමට හැකිවෙයි.
ශ්‍රව්‍ය පත්‍රිකා භාවිතය පරිසර හිතකාමී ක්‍රමයක් වන අතර එමගින් කඩදාසි භාවිතය අවම කර ගත හැක. එමෙන්ම එය ලාංකේය දේශපාලනයට හරිත සංකල්පය වඩාත් නිර්මාණශීලී ලෙස හඳුන්වා දීමක්ද වෙයි.
:නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…