Saturday, June 6, 2026
Homeදේශීයශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පළමු මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව ( Audio Leaflet )...

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පළමු මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව ( Audio Leaflet ) මනුෂගෙන්

දේශපාලන ප්‍රචාරණය සඳහා නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව (audio leaflet ) නිකුත් කිරීමට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානායකකාර පියවර ගෙන ඇත.

එළබෙන පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින ඔහු, සිය මැතිවරණ ප්‍රචාරණයට නවතම ප්‍රවේශයකින් අවතීර්ණ වෙමින් නිර්මාණය කර ඇති මෙම ශ්‍රව්‍ය පත්‍රිකාව ඉදිරියේදී ඩිජිටල් මාධ්‍ය අවකාශය ඔස්සේ බෙදාහැරීමට නියමිතය. මෙය වඩාත් කාර්යක්ෂමව සිය චන්ද දායකයින් ආමන්ත්‍රණය කළ හැකි ක්‍රමයකි.

මේ ආකාරයේ පරිසර හිතකාමී තාක්ෂණික භාවිතාවන් දේශපාලන ප්‍රචාරය උදෙසා යොදා ගැනීම ලෝකයේ දියුණු රටවල සුලභව දැකගත හැකි වෙතත් ශ්‍රි ලංකාවේ එවැන්නක් දැකගත හැකි මුල්ම අවස්ථාව මෙයයි.

දේශපාලන ප්‍රචාරණය සඳහා ශ්‍රව්‍යපත්‍රිකා භාවිතය මගින් දෘශ්‍ය ආබාධ සහිත සහ විවිධ සාක්ෂර මට්ටම් සහිත පුද්ගලයින් එකම ක්‍රමයකට ආමන්ත්‍රණය කිරීමට හැකිවෙයි. එපමණක්ද නොව එමගින් සිය දේශපාලන පණිවිඩය පහසුවෙන් බෙදාහැරීමට මෙන්ම වඩාත් කාර්යක්ෂමව සමාජ ගත කිරීමට හැකිවෙයි.

ශ්‍රව්‍ය පත්‍රිකා භාවිතය පරිසර හිතකාමී ක්‍රමයක් වන අතර එමගින් කඩදාසි භාවිතය අවම කර ගත හැක. එමෙන්ම එය ලාංකේය දේශපාලනයට හරිත සංකල්පය වඩාත් නිර්මාණශීලී ලෙස හඳුන්වා දීමක්ද වෙයි.

:නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

READ:   පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව මනුෂගෙන් නීතිමය පියවර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්