දේශීය

වැස්ස අද මි.මී 100 ඉක්මවයි.

අද (03) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතියි.

ඒ අනුව අද (03) දහවල් 12:09ට මීගමුව, ගම්පොළ, බිබිල සහ අක්කරපත්තුව ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

2 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

2 days ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago