දේශීය

ඊශ්‍රායලයේ චෝදනා ලද පිරිස් ගෙන්වා වැරදි නිවැරදි කිරීමට ඇමති මනූෂගෙන් එකඟතාව

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති නාඕර් ගිලොන් මහතා අතර හමුවක් ඊයේ (04) කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර ඉශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු කෙරිණි.

එම සාකච්ඡා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඊශ්‍රායලයට යැවූ පිරිස් අතරින් චෝදනා එල්ල වූ පිරිස් යළි ගෙන්වා හෝ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ඉඩම් හිමිකරුවන් ලංකාවට ගෙන්වා ශ්‍රමිකයින් තෝරා ගැනීමට ඉඩ දෙන බවත්ය.

දැනට කෘෂි, ඉදිකිරීම් පුහුණුව ලැබූ අයට වෙනත් ක්ෂේත්‍රවල රැකියා සඳහා යෑමට කැමැත්ත දක්වන්නේ නම් ඒ සඳහා අවස්ථා ඇති අතර කෙසේ නමුත්, මේ දක්වා ඊශ්‍රායෙල් යාමට ලියාපදිංචි වූ අයට පමණක් ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

“ඊශ්‍රායෙල් රාජ්‍යයට රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කිරීම පිළිබඳව විවිධ අදහස්, යෝජනා, චෝදනා විවිධ තැන්වලින් මතු වෙලා තියෙනවා. අද දවසේ ඊශ්‍රායෙල් තානාපතිතුමා හමු වී එහිදී දැනට පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ සඳහා සාර්ථක පිළිතුරු රාශියක් අපිට ලබාගන්න පුළුවන්කම ලැබුණා. එතුමගෙ පැත්තෙන් පීබා ආයතනය සමග සාකච්ඡා කරලා නැවත අපි සමග සම්බන්ධ වන බවට දැනුම් දුන්නා. ඊශ්‍රායලයේ පහුගිය වසරේ ඇති වූ අවසනාවන්ත තත්ත්වයත් එක්ක කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා දිගුකාලීනව වීසා ලබා දෙන්න කළ ඉල්ලීමට ඔවුන් එකඟතාවය පළ කළා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ තිබුණ හදිසි අවශ්‍යතාවය මත ඔවුන් නුපුහුණු ශ්‍රමිකයන් හෝ අපිට එවන්න කියලා කිව්වා. මොකද අපිට පුහුණුව සඳහා වෙලාවක් තිබුණේ නෑ. ඒ සඳහා මුලින්ම අයදුම් කරපු අයව අපි ඊශ්‍රායලයට යැව්වා. නමුත්, ඔවුන්ගේ ගැටලුවක් තිබුණා පුහුණුව, සුදුසුකම් පිළිබඳව. දෙවැනි තෙවැනි අවස්ථාවල පුහුණු ශ්‍රමිකයින් යවන්න අපි කටයුතු කළා. ඊශ්‍රායෙල් ගිය අපේ ඇතැම් ශ්‍රමිකයන් ගැන යම් යම් ප්‍රශ්න තිබුණා. ඔවුන්ගේ හැසිරීම්, වැටුප්, නවාතැන් ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමකින් තොරව ලංකාවේ වෘත්තීය සමිති කරනවා වගේ ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග නිසා ඊශ්‍රායෙල් වතු හිමියන්ගේ තියෙන විශ්වාසය පලුදු වෙන්න පටන්ගත්තා. ලංකාවේ ශ්‍රමිකයන්ගේ ඵලදායීතාවය ගැන ප්‍රශ්නයකුත් පැන නැගුණා. මේ හේතුව මත ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ඉඩම් හිමිකරුවන්, වැවිලිකරුවන් ලංකාවෙන් ශ්‍රමිකයින් තෝරා ගැනීමේ මැලිකමක් දක්වනවා. මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා අද තීන්දුවක් ගත්තා, ඉන්න කණ්ඩායම්වලින් දැනට ඉන්න අය එකඟ කරගෙන ඒ අය යවන්න. ඒ වතු හිමියන් ලංකාවට ඇවිත් තමන්ට සුදුසු අය තෝරාගෙන යෑම සඳහා එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ අයටම ඇවිත් අපේ ලයිස්තුවල ඉන්න – පොලිස් වාර්තා, වෛද්‍ය වාර්තා අරගෙන, දැනට ලොතරැයියෙන් තේරිලා ඉන්න අයට ප්‍රමුඛතාවය දීලා තෝරාගෙන යාමේ අවස්ථාවක් සූදානම් කරගන්න ඔවුන් එකඟතාව පළ කළා වගේම ඒ සඳහ කටයුතු සූදානම් කරන බව අද අපිට දැන්නුවා. ඒ විතරක් නෙවෙයි අලුතෙන් ආරම්භ කිරීමට නියමිත ආපනශාලාවලට, හෝටල්වලට වගේම කර්මාන්ත අංශයට ශ්‍රමිකයින් බඳවාගැනීමේ අවශ්‍යතාව ඔවුන් සඳහන් කළා. පළමුව මේ කෘෂි ක්ෂේත්‍රය සඳහා දැනට නම් ලබා දී තියෙන අයව යම් පුහුණුවකින් පස්සේ හෝ යම් හැකියාවන් පරීක්ෂා කිරීමකින් ඔවුන්ව මේ ක්ෂේත්‍ර සඳහාත් යොදා ගන්නා බව ඔවුන් සඳහන් කළා. ඒ සඳහා වන සූම් සාකච්ඡාවක් 08 වැනිදා පැවැත්වෙනවා. ඉන්පස්සේ ඉතා ඉක්මනින් ගිවිසුම් අත්සන් කරලා මේ හිර වෙලා ඉන්න කෘෂි ක්ෂේත්‍රයේ තරුණයින් පිරිස ඉක්මනින් අනෙකුත් ක්ෂේත්‍ර කරා යවන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. දැනට යන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හැකියා දක්ෂතා තියෙන අය දැනට කෘෂි ක්ෂේත්‍රය සඳහා යන්න බලාපොරොත්තුවෙන් තියෙන, දක්ෂතා තියෙන අය ඉන්නවා නම් පුහුණුවක් ලබා ගන්න කැමති අය ඉන්නවා නම් ඒ අයටත් ඒ සඳහා අවකාශය දෙන්න පුළුවන් බව සඳහන් කළා. ඒ අයට කිසිම අනුමැතියක් අවශ්‍ය වෙන්නේ නෑ ඒ අය කෙළින්ම මේ පුහුණුව අරගෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පරීක්ෂණයකට ඒ අයව යොමු කරන්න කියන එක තමයි ඔවුන්ගේ මතය වුණේ. ඒ නිසා අපට දැනට ගැටලුකාරී තත්ත්වයක් මතු වෙන්නේ නෑ. දැනට කෘෂිකර්මාන්තයට යන්න බලාගෙන ඉන්න අයට හැකියාව දක්ෂ්තාවය තියෙනවා නම් ආපනශාලා, හෝටල්වලට, කර්මාන්තශාලාවලට නැත්නම් ඉදිකිරීම් ක්ෂේත්‍රයට නැත්නම් මහා පරිමාණයේ ඉදිකිරීම් සඳහා යෑමට කණ්ඩායම් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ පාරවල්, කෝච්චි පාරවල් හදන්න යටිතල පහසුකම් අමාත්‍යාංශය හරහා කරන ඉල්ලීම් සඳහා වුණත් යවන්න පුළුවන්. ඒ නිසා අලුත් අයගේ නම් ලබා ගැනීමක් කොහොම වුණත් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ සියලු ක්ෂේත්‍රවලට අපි යවන්න බලාපොරොත්තු වෙන්නේ 8000ක් පමණ වෙන ඊශ්‍රායලයට නම් යවලා, නම් අනුමත වෙලා, ලොතරැයියෙන් තේරිලා ඉන්න කණ්ඩායමට ප්‍රමුඛතාවය ලබා දී ඇති අය පමණයි. ඔවුන්ගෙන් පස්සේ තමයි අලුත් කණ්ඩායම්වලට අපි ඉඩ ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ රටේ ගිහින් යම් අනවශ්‍ය වැඩවලට සමහරු සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපිට ආරංචියි. ගෙවල්වල නොයෙක් වැරදි ක්‍රියාවලට අහු වෙලා, පොලිසියට අහු වෙලා, ගහගැනීම්, මත්පැන් පානය කර අනිසි විදිහට හැසිරීම් ගැන වාර්තා වෙනවා කියලා – ඒ පිළිබඳව චෝදනා කරන්නේ මනූෂ නානායක්කාර යවපු අය කියලා. ඔව් මම පිළිගන්නවා. ඊශ්‍රායලයට යවපු හැම කෙනෙක්ම යැව්වේ මම. හැම කෙනෙක්ගෙම වගකීම මම දරනවා. මොකද ඊශ්‍රායලයට යවපු හැම තරුණයෙක්ම යවලා තියෙන්නේ මට මේ අමාත්‍යාංශය භාර දුන්නට පස්සේ. ඒ නිසා ඔවුන් කරන වැරදි නිවැරදි කරන්න වගේම ඔවුන් කරන වැරදිවලට ඔවුන්ව නැවත ලංකාවට ගෙන්වන්න අවශ්‍ය කරන කටයුතුත් අපි ක්‍රියාත්මක කරනවා. ඒක ගාල්ලෙන්, යාපනෙන්, කොළඹින් ගියත් බටහිරින් ගියත් නැගෙනහිරින් ගියත් ඒ සියලු දෙනාම මම යවපු අය තමයි. ඒ නිසා ඒක ගැන ප්‍රශ්නයක් නෑ. ලංකාවෙන් ගිය සියලු දෙනා මනූෂගෙන් ගියපු අය තමයි. ඒක ගැන කිසිදු තර්කයක් නෑ, ඒ අය මම යවපු අය තමයි. කොහොම වුණත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණ සමත්වීමේ ප්‍රතිශතය දැන් ඉතාම හොඳයි. ඒ අය ඊශ්‍රායලය කරා යැවීම ඉතා ඉක්මනින්ම ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සාත්තු සේවකයින් විදිහට ගැනීමත් අවුරුද්දකට අවම වශයෙන් 2000ක අවශ්‍යතාවයක් තියෙන බවත් අද ඔවුන් දැනුවත් කළා. ඒ නිසා ඒ ක්ෂේත්‍රය සඳහා කාන්තාවන්ටත් සූදානම් වෙන්න පුළුවන් කියන එක අපි නැවත මතක් කරනවා. ඒ නිසා අනවශ්‍ය තැති ගැනීමක්, කලබලයක් ඇති කරගන්නේ නැතිව එහෙ ගිහින් වර්ජන කරන, කලබල කරන ජාතියේ අය ඊශ්‍රායලයට යවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ අය සමාජ මාධ්‍යවල කොයි විදිහටද හැසිරෙන්නේ, ක්‍රියා කලාපය කොහොමද කියලා අපි පරීක්ෂා කරන එකත් සිද්ධ කරලා, එහෙට ගිහින් ලංකාවේ නරකක් වෙන අයව අපි යවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා අපි හැම කෙනෙක්ම ඉවසිලිමත්ව බොහෝ සංයමයකින් මේ සඳහා සූදානම් වෙන්න කියලා මම මතක් කරනවා.” යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

Mahesh Kannangarage Impresses at Zurich City Triathlon with Strong Finish in Switzerland

Zurich, Switzerland – Sri Lankan endurance athlete Mahesh Kannangarage delivered an impressive performance at the…

7 hours ago

Praveena Perera Makes History as First Sri Lankan Woman on Campaign APAC’s 40 Under 40 List

Colombo, June 29 Praveena Perera has made history by becoming the first Sri Lankan woman…

8 hours ago

ශ්‍රී ලාංකික කාන්තාවකට ආසියා-පැසිෆික් කලාපයේ විශේෂ ජාත්‍යන්තර ඇගයීමක්

ප්‍රවීනා පෙරේරා ශ්‍රී ලංකා දැන්වීම් හා සන්නිවේදන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ගෞරවයක් දිනා දෙමින්, Campaign Asia-Pacific විසින්…

8 hours ago

2028 ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ ක්‍රමවේදය ICC නිවේදනය කරයි

ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව නැවත එක් කිරීම සඳහා පිරිමි හා කාන්තා…

8 hours ago

ICC Confirms Qualification Process for Cricket at Los Angeles 2028 Olympics | ICC Olympics Qualifier 2027 Announced

Dubai, June 29 The International Cricket Council (ICC) and the International Olympic Committee have officially…

8 hours ago

Sri Lanka Fuel Price Update: Petrol 92 Reduced by Rs.20, Auto Diesel by Rs.25 Effective June 29, 2026

Colombo, June 29 The Ceylon Petroleum Corporation (CPC) has announced a revision of retail fuel…

8 hours ago