දේශීය

ගංවතුරෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

අපේ රට ගංවතුර තත්ත්වයකට මුහුණ දී සිටින බැවින්, ඔබ සහ ඔබේ පවුලේ අය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. කරුණාකර මෙම වැදගත් තොරතුරු කියවා අන් අය සමඟද බෙදාගන්න:

කළ යුතු දේ:

1. සුරක්ෂිත ජලය පමණක් පානය කරන්න: ජලයෙන් බෝවන රෝග වළක්වා ගැනීම සඳහා අවම වශයෙන් විනාඩි 1 ක් වත් නටවා නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය භාවිතා කරන්න. ගංවතුරෙන් යටවුනු ලිං වලින් ජලය භාවිතා කිරීම හැකිතාක් අවම කරන්න.

2. දැනුවත්ව සිටින්න: දේශීය පුවත් සහ කාලගුණ අනාවැකි සමඟ යාවත්කාලීනව සිටින්න.

3. මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම: ගංවතුර ජලයෙන් මදුරුවන් බෝවීම වැඩි විය හැක. එම නිසා තමන්ගේ නිවස අවට ජලය එකතු වී තිබිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කරන්න.

4. ආරක්ෂිත ඇඳුම් අඳින්න: ගංවතුර හරහා ගමන් කරන විට ලෙප්ටෝස්පයිරෝසිස් හෙවත් මී උණ වැනි ආසාදන වැලැක්වීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම රබර් බූට් සහ අත්වැසුම් පැළඳීමට උත්සාහ කරන්න.

5. ආහාර සුරක්ෂිතව ගබඩා කරන්න: ආහාර අපිරිසිදු වීම වැළැක්වීම සඳහා ආහාර ජලගැලීම් වලට හසු නොවන ස්ථානවල ගබඩා කිරීම හෝ ජලය කාන්දු නොවන බහාලුම්වල ආහාර ගබඩා කර තබා ගන්න.

6. අත් සෝදන්න: විශේෂයෙන් ආහාර ගැනීමට හෝ ආහාර පිළියෙළ කිරීමට පෙර සබන් යොදා නිතරම අත් සෝදන්න.

7. වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න: ඔබ හෝ පවුලේ සාමාජිකයෙකු අසනීප වීමේ ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ළඟම ඇති රජයේ රෝහල වෙත යන්න.

නොකළයුතු දේ:

1. ගංවතුර ජලයෙන් හැකිතාක් වළකින්න: ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීම නොකළ යුතුය. එහි හානිකර බැක්ටීරියා සහ තුවාල ඇති කළ හැකි සුන්බුන් අඩංගු විය හැක.

2. ගංවතුරෙන් හානියට පත් ආහාර අනුභව නොකරන්න: ගංවතුරෙන් යටවුණු ්‍රදේශවල ඇති පලා වර්ග අනුභවය සහ ගංවතුරෙන් යටවූ ආහාර ඉවත දමන්න.

3. දරුවන් ගංවතුරට නිරාවරණය වීම හැකිතාක් වලක්වන්න: රෝග වැළැක්වීම සඳහා දරුවන් සහ සුරතල් සතුන් දූෂිත ජලයෙන් ඈත් කරන්න.

4. රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා: ඔබට අසනීප බවක් දැනේ නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද නොකරන්න.

5. අපිරිසිදු ජලය භාවිතා කිරීමෙන් වළකින්න: බීමට, ආහාර පිසීමට හෝ නෑමට ගංවතුර ජලය භාවිතා නොකරන්න.

ඔබත් ප්‍රවේසම් වී ඔබේ සමීපතයන් සහ අසල් වාසීන් ද ආරක්ෂා කර ගැනීමට සහාය වන්න. තවත් යාවත්කාලීන සෞඛ්‍ය උපදෙස් සඳහා, අපගේ facebook පිටුව සමග සම්බන්ධව සිටින්න.

අපි එක්ව මේ අභියෝගය ජයගත හැකියි.

:සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

3 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

3 days ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

2 weeks ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

2 weeks ago