දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාරගේ “ඉරා කළුවර” ග්‍රන්ථය දොරඩ වැඩීම විපක්ෂනායක සජිත් ප්‍රේමාදාසගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී….

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් රචිත ”ඉරා කළුවර” ග්‍රන්ථය එළිදැක්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, මහාචාර්ය ජී.එල් පීරිස්, නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, නීතිඥ ඩිලාන් පෙරේරා, වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ව්‍යවසායකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් වෘත්තීයවේදීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා(06) මහනුවර කැන්ඩියන් ආර්ට්ස් රෙසිඩන්සි පරිශ්‍රයේදී සිදුකෙරිණි.

file

ග්‍රන්ථය එළිදැක්වීමේදී වසන්ත යාපාබණ්ඩාරයන් පළමුවෙන් ග්‍රන්ථය පිළිගැන්වීම සිදුකරනු ලැබුවේ බාල ඖෂධ හේතුවෙන් අන්ධභාවයට පත්වූ රෝගීන්ටත්, මියින්මාරයේ පරිගණක අපරාධකරුවන්ට හසුව සිටින පවුල්වල දෙමව්පියන්ටත්ය. පසුව ග්‍රන්ථයේ සඳහන් විවිධ ක්ෂේත්‍රයන් වෙලාගෙන ඇති දූෂණයේ අන්ධකාරයට එරෙහිව නගන හඬට ශක්තියක් වන මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් වන චමිල් රූපසිංහ, හේරත් බණ්ඩාර, කමල් සුරවීර සහ අනුර ආනන්ද යන මාධ්‍යවේදී මහත්වරුන්ට ග්‍රන්ථය පිළිගැන්වීය.

මෙහිදී ග්‍රන්ථය පිළිබඳව අදහස් දැක්වූ කර්තෘ වසන්ත යාපාබණ්ඩාරයන් මෙම ග්‍රන්ථය තුලින් මහවැලි ගංගාව නුදුරේදී සිඳී යෑමේ අවධානමත්, අම්බුළුවාව හන්තාන රක්ෂිත ආක්‍රමණය කිරීමේ මතු අර්බුදයට වගකිව යුතු පාර්ලිමේන්තුවත්, පරිපාලකයිනුත් ප්‍රශ්න කිරීම ඔහු එහිදී සිදු කළේය. ඔහු අවධාරණයෙන් ප්‍රකාශ කළේ ”බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ” ගීතය හැකිනම් හන්තානට, අම්බුළුවාට ඇවිත් ගයන්නැයි අභියෝග කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් කියා සිටියේ වසන්ත යාපාබණ්ඩාර මහතා ඔහු සමීපව හඳුනාගත් දිනයේ සිට මේ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම්, සිවිල් අයිතිවාසිකම්, ආර්ථික සමාජීය ආගමික සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් නොපැකිලිව එඩිතරව ඉදිරිපත් වුන මහජන නියෝජිතයෙක් හැටියට හැඳින්විය හැකි බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ එ මහතා මෙසේ පැවසීය.

file

“රටේ බංකොලොත්භාවය පිළිබඳව අංශුමාත්‍රයකවත් කැක්කුමක් නැතිව ඉවක් බවක් නැති දූෂිත පාලනයකින් පොදු ජනයා සතු මූල්‍ය සම්පත මහදවල් මංකොල්ල කන ගජ මිතුරු ධනවාදය තුළින් මේ රටේ ජාතික දේපල, ජාතික සම්පත හිතූ හිතූ ආකාරයට තම තමන්ගේ අතකොළුවන්ට තුට්ටු දෙකට වෙන්දේසි කරන යුගයක වසන්ත යාපාබණ්ඩාර මැතිතුමා මේ තිබෙන්නා වූ අන්ධකාරය ඉවතලන්න සුපිරිසිදු නිර්මල රාජ්‍ය පාලනයක ආලෝකය රටේ පුරවැසියන්ට ලබාදෙන්නට දරන උත්සාහය අපි ප්‍රශංසාවට ලක්කරනවා. කාවින්ද ජයවර්ධන මැතිතුමාත්, වසන්ත යාපාබණ්ඩාර මැතිතුමාත් තරුණ මන්ත්‍රීවරුන් හැටියට වි⁣ශේෂයෙන්ම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වුණු අන්ත දූෂිත අක්‍රමිකතාවලින් පිරිච්ච ප්‍රසම්පාදන ක්‍රමවේද උල්ලංඝනය කරමින් හිතූ හිතූ ආකාරයට පෞද්ගලික සුභසිද්ධිය උදෙසා රටක සෞඛ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවපු ඒ දූෂිත ක්‍රියාදාමයට විරුද්ධව මේ තරුණ මන්ත්‍රීවරුන් දෙපළ නැගී හිටපු ආකාරයත් ඒ අය ඉෂ්ඨසිද්ධ කරපු සෑම ජනතාවාදී ක්‍රියාදාමයක්ම අපි ප්‍රශංසා කළ යුතුයි.”

තවද කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා මුඛ්‍ය දේශනය පවත්වමින් අවධාරණය කළේ “ඉරා කළුවර” ග්‍රන්ථයෙන් ඛේදවාචක දොලොසක් කෙරෙහි සමස්ථ සමාජයේ ඇස යොමු කර ඇති බවත්, මෙය හෙලිදරව් සාහිත්‍යයේ, තෝල්ස්තොයිලාගෙන් පසු අපූරු අත්හදාබැලීමක් බවයි.

file


Recent Posts

Toyota ‘Baby Land Cruiser’ රථයට ඉහළ ඉල්ලුමක්! මිල රුපියල් කෝටි ගණනකට ආසන්නද?

ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…

11 hours ago

“We Have Only Three Years Left… We Will Spend All Three Years Catching the Thieves” – President Anura

President says government will continue its fight against corruption during the remaining three years of…

16 hours ago

“අපිට තව අවුරුදු 3යි තියෙන්නේ… ඒ අවුරුදු තුනේම හොරු අල්ලනවා” – ජනපති අනුර

නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…

16 hours ago

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

3 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

3 days ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago