දේශීය

පැකට් කළ බර්ගර් එකක ඇණයක් වැනි යකඩ කෑල්ලක්. A nail in a burger

ගම්පහ යක්කල සුපිරි වෙළඳ සැළකින් මිලදී ගත්, පෙර සැකසූ පිස ආහාරයට ගත යුතු, පැකට් කරන ලද බර්ගර් එකක තිබී ඇණයක් වැනි යකඩ කැබැල්ලක් පාරිභෝගිකයෙකුට හමුව තිබෙනවා.

මේ පිළිබඳව අදාළ පාරිභෝගිකයා විසින් එම සමාගමෙන් ප්‍රශ්න කර ඇති අතර එහි තත්ත්ව පාලන අංශයේ නිලධාරියෙක් තම සමාගම අතින් වරදක් වී ඇති බව පිළිගෙන තිබෙනවා.

පාරිභෝගිකයා විසින් පටිගත කරගෙන ඇති එම සංවාදයේදී ඔවුන් පවසා ඇත්තේ එය නිෂ්පාදන යන්ත්‍රයක දම්වැලකින් කැඩී ගිය කොටසක් බවයි.

එසේ නම් එවන් තවත් කොටස් තවත් තිබිය හැකි බැවින් වෙළඳපලට නිකුත් කර ඇති එම කාණ්ඩයට අයත් සෙසු ආශ්‍රිත නිෂ්පාදන වහාම වෙළඳපලෙන් ඉවත් කර පරීක්ෂා කළ යුතුව තිබෙනවා.

මෙම පාරිභෝගිකයා එම බර්ගර් පැකට්ටුව මිලට ගෙන ඇත්තේ යක්කල සුපිරි වෙළඳසලකින්.

මෙම අනතුරුදායක කැබැල්ල ගැන දැනගත් වහාම පාරිභෝගිකයා, නිෂ්පාදන කර්මාන්තශාලාවේ තත්ත්ව පාලන අංශ දැනුවත්කර ඇතත් ඔවුන් අදාළ සුපිරි වෙළඳසලේ එම ශාඛාව දැනුවත් කිරීමට හෝ යුහුසුළු වී නැහැ.

භාණ්ඩය මිලදීගත් සුපිරි වෙළඳසළෙන් කළ විමදීමකදී පාරිභෝගිකයාට එය තහවුරු වී තිබුණා.

එම නිෂ්පාදන අංශයට අදාළ සේවකයා මේ මොහොතේ ආයතනය තුළ නොමැති බවත් ඔහු ආයතනයට වාර්තා කළ පසු පරීක්ෂණයක් කරන බවත් ආයතනයේ නිලධාරීන් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ පාරිභෝගිකයා විසින් ආහාර නිෂ්පාදනයක් සම්බන්ධව මෙම සමාගම පාර්ශ්වයෙන් සිදුව ඇති බරපතළ අගතියට එරෙහිව ගත හැකි ඉහළම පියවර ගැනීමට සූදානමින් සිටිනවා.
සුපිරි නම් වලින් මෙලෙස වෙළඳපලට නිකුත් කරන මෙවන් නිෂ්පාදන ජනතාව මිලට ගන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳව ඉහළ බවට ඇති කරගත්තා වු පැහැදිලි මානසිකත්වයකින්.

නමුත් ඉකුත් කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින්, ඇතැම් කෑම වර්ගවලින් හමුවූ ආගන්තුක ද්‍රව්‍යවලින් පෙනී යන්නේ එම තක්සේරුවද 100%ක්ම නිවැරදි නොවන බවයි.

විශේෂයෙන්ම මෙවැනි වූ ආහාරයක තිබීම භයානක, ආගන්තුක ද්‍රව්‍යයක් කෑම වර්ගයකින් හමුවීම කිසිසේත් සුළුකොට නොහැකි තත්ත්වයක්.

නැවුණු ඇණයක් බඳු මෙය ශරීරගත වූවා නම් වෙන හානිය පිළිබඳව ඕනෑම කෙනෙකුට අදහසක් ගත හැකියි.
අදාළ පාරිභෝගිකයාගේ පරීක්ෂාකාරී බව නිසා මෙය නිරීක්ෂණය වී තිබුණු අතර එය සූදානම් කර තිබී ඇත්තේ සිය කුඩා දරුවන්ට ආහාරයට දීමටයි.

මේ වසරේ ජනවාරි මස 31වනදා නිෂ්පාදිත දිනය ලෙස එහි පැකට්ටුවේ සඳහන්ව තිබූ අතර කල් ඉකුත්වීමට නියමිතව තිබුණේ එළඹෙන ජුලි මාසයේදී.

මෙම නිෂ්පාදනය සහ ඇණයක් වැනි කොටස ගැන දර්ශනවලින් යුතු වීඩියෝවක් බලාපොරොත්තුවන්න.

file

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

2 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

2 days ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

2 weeks ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

2 weeks ago