දේශීය

2015දී ජාතික ගීය දෙමළෙන් ගයන තීරණය ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි – අමාත්‍ය මනූෂ නානායක්කාර

“අපි වවුනියාවට ඇවිත් ජාතික ගීය ගැයුවේ දෙමළෙන්. අපි යාපනයට ගියාම දෙමළ භාෂාවෙන් විතරයි ජාතික ගීය කියන්නේ. 2015ට ඉස්සෙල්ලා අපි ජාතික ගීය දෙමළෙන් කිව්වද? අද අපිට මෙහෙම සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පසුබිම හැදුවේ, දෙමළ භාෂාවෙන් ජාතික ගීය කියන්න ඕනි කියලා තීරණය කළේත් 2015දී රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.”

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (30) වවුනියාව ගාමිණී මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ‘ජයගමු ශ්‍රී ලංකා – ස්මාට් යූත් ක්ලබ්’ තරුණ වැඩසටහනට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

දෙමළ භාෂාවෙන් සන්නිවේදනය කරන උතුරු පළාත ඇතුළු ප්‍රදේශවල ජනතාවට ගෞරවය ලබා දීම පිණිස මීට වසර 09කට පෙර ජාතික ගීය දෙමළෙන් ගැයීමට අවස්ථාව උදා කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ලෝකය පුරා ඇති රැකියා අවස්ථා සඳහා වෘත්තීය පුහුණුව ලබා දීමට ජනාධිපති අරමුදලින් රුපියල් බිලියන එක හමාරක් ලබා දීමට ජනාධිපතිවරයා සූදානම් බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා මේක තීන්දු කළේ අද හම්බ වෙන මේ ප්‍රතිඵල වෙනුවෙන්. අපිට සහෝදරත්වයෙන් ඉන්න පසුබිම හදන්න, ඔබට ගෞරවය දෙන්න. 2015දී මීට අවුරුදු 09කට කලිනුයි ජනාධිපතිතුමා තීරණය ගත්තේ. ‘කන්ද කැපූ මහල්ලා’ චීන උපමා කතාවට අනුව ගමට වතුර ගේන්න කන්ද උඩ සිට පාරක් කපන්න කවුරුත් ඉදිරිපත් නොවුණ තැන ගමේ හිටපු වයස්ගත, මහලු පුද්ගලයෙක් වතුර පාර වෙනුවෙන් කන්ද කපන්න පටන් ගත්තා හැමෝම හිනාවෙද්දි. තව ටික කාලෙකින් මේ මිනිහා මැරෙනවා කිව්වා. නමුත්, අවුරුදු ගාණකට කලින් ගමට වතුර ගේන්න සමත් වුණේ ඔහු පටන් ගත්ත පාරේ ගමේ ඉදිරි පරම්පරා පාර කපන්න ක්‍රියා කිරීමෙන්. එදා රනිල් වික්‍රමසිංහ ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න කිව්වා වගේ ඒ ප්‍රතිඵල ඔබේ අනාගතයට තමයි ලැබෙන්නේ….”

“අපි ජීවිතේ විශ්වාස කරන ඉර, ලෝකය, දේශපාලනයට අදාළ සමාජවාදය, ලිබරල්වාදය, පැසිස්ට්වාදය සහ ජාතිවාදය ගැන ගොඩක් දේවල් අපට හදා දීපු මත. ජාතිවාදය ගැන අපි හුඟක් දේවල් දන්නවා. 1948 අපිට සුද්දා නිදහස දෙන්න කලින් සිංහල, දෙමළ, මුස්ලිම් කියලා අපිව බෙදලා තිබුණේ නෑ. හැබැයි නිදහසින් පස්සේ උතුරේ, දකුණේ දේශපාලකයින්ට ඡන්ද ගන්න ජාතිවාදය වැපිරුවා. ඒ ජාතිවාදය කොච්චරද කියනවා නම් දරුවන්ට ඉගෙනගන්න තිබුණ යාපනය පුස්තකාලය ගිනි තියපු තැන ඉඳන් දකුණේ බෝම්බ පිපිරීම දක්වා මේක දුර ගියා. මේවා කාගෙහරි අවශ්‍යතාවයකට හදපු මතයක්. වාහනවල තිබුණ ‘ශ්‍රී’ අකුර මැකුවා, ගොම ගෑවා. මුස්ලිම් කඩයකින් ඇඳුම් ගත්තොත්, කොත්තු කෑවොත්, වඳ වෙනවා කිව්වා. සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම් එක්ක මේවා විසඳන්න හදනකොට ජාතිවාදීන් මේවට එරෙහි වුණා. දැනුත් සමාජ මාධ්‍යවලින් අපිට මත හදනවා. ෆෝන් එකකින් කතා කරන ‘ඇල්ගො රිදම්’ අරගෙන ඒ අවශ්‍යතා අපේ ෆෝන් එකට එවනවා. හැම වෙලාවෙම හැමෝම තමන්ගේ අවශ්‍යතාවයට මත හදනවා. බ්‍රෑන්ඩ් හදන්න පුළුවන්. හැබැයි බ්‍රෑන්ඩ් එකේ පෙන්වන දේ හොඳම දේ නෙවෙයි. මේවට අහුවෙන්න එපා. සමාජ මාධ්‍ය හරහා මිනිසුන් විවිධ මතවලට ගෙනියනවා. ඇල්ගොරිදම්ස්වලට ජීවිතය තීරණය කරන්න ඉඩදෙන්න එපා. සතුට එක එක විදිහයි. අවුරුදු 30ක යුද්ධෙකට පසුව අපි කාලා, බීලා ඉන්නවා නේද? පහුගිය දවස්වල තෙල්, ගෑස් නැතුව බොහෝ ප්‍රශ්න ඇති වුණා. දැන් ඒවා අවසන් වෙලා. සතුට එක පාර එන්නේ නෑ. එය ලබාගන්න පුරුදු වෙන්න ඕන. ඒක පටන්ගන්න ඕන තමන්ගෙන්.
අද මේ තරුණයන්ට කතා, සින්දු කියලා යන්න විතරක් නෙවෙයි අපි ආවේ. ඔබට රැකී රක්ෂා ආයතන දහස් ගණනක් තියෙනවා. අපේ ශ්‍රම බලකාය හදන්න අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දෙන්න ජනාධිපතිතුමා රුපියල් බිලියන එක හමාරක් ලබාදෙන්න සූදානම්. ලෝකයේ රැකියා අවස්ථා විශාල ගණනක් නිර්මාණය වෙමින් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට දියුණු කරන ගමන එතුමගෙන් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව අපි මගෙන් පටන් නොගත්තොත් අපිට දියුණු වෙන්න වෙන්නේ නෑ. අපි වවුනියාවට ඇවිත් දෙන මේ පුංචි ශිෂ්‍යත්වෙ පොඩි එකක් වෙන්න පුළුවන්. හැබැයි ලෝකේ හැමතැනම මේකෙන් රස්සා කරද්දී ඒ ආදායම් රටට එනකොට ලොකු වෙනසක් අපිට කළ හැකියි.” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආනන්ද විමලවීර, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික උපදේශක ශ්‍යාම් යහම්පත්ද මෙම දිරිගැන්වීමේ අවස්ථාවට සහභාගි වූහ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

Recent Posts

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි

හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…

2 hours ago

Toyota ‘Baby Land Cruiser’ රථයට ඉහළ ඉල්ලුමක්! මිල රුපියල් කෝටි ගණනකට ආසන්නද?

ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…

16 hours ago

“We Have Only Three Years Left… We Will Spend All Three Years Catching the Thieves” – President Anura

President says government will continue its fight against corruption during the remaining three years of…

20 hours ago

“අපිට තව අවුරුදු 3යි තියෙන්නේ… ඒ අවුරුදු තුනේම හොරු අල්ලනවා” – ජනපති අනුර

නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…

20 hours ago

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

4 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

4 days ago