file
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට පියවර ගන්නා අතර, ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීමට අදාලව හාම්පුතුන්ගේ සම්මේලනය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වතු කම්කරුවන් නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති සමාජිකයින් සමඟ පැවති සාකච්චාව අතරතුරදීය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති සඳහන් කර සිටියේ තමන්ට එහි කරුණු සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි බවයි. ඒ අනුව තමන් ඉල්ලා සිටින දෛනික වැටපු වැඩි කිරීම ලබාදෙන ලෙසටද වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටිනු ලැබීය. වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය මැදිහත්වීම ජනාධිපතිතුමා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
මේ අතර වතු කම්කරුවන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන්ද වතු වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාව දැණුවත් කර සිටි අතර එහිදී නව රැකී රක්ෂා පනත මගින් වතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් ආරක්ෂා කිරීමට විශේෂයෙන් පියවර ගන්නා බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා ඇතුළුව වතු වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය
හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…