දේශීය

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට

දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල (ශික්ෂණ) ශ්‍රී ලාංකේය සෞඛ්‍ය පද්ධතියට එක් කිරීම මෙම මස 27 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

අභිනවයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල මහල් හයකින් සමන්විත වෙනවා.

වාට්ටු 14 කින් සමන්විත මෙහි ඇදන් ධාරිතාවය 600 ක්.

නවීන උපකරණවලින් සමන්විත ශල්‍යාගාර 06 ක්, නව ජන්ම හා දැඩි සත්කාර ඒකක 02 ක් සහ විශේෂිත ළමා ඒකකවලින් දකුණු පළාතේ ඉදිකෙරුණු ප්‍රථම මාතෘ රෝහල ද මෙය වෙනවා.

2004 වසරේ දෙසැම්බර් මස 26 දින මෙරටට බලපෑ සුනාමියෙන් හානියට පත් මහමෝදර මාතෘ රෝහල කරාපිටියේ නව රෝහලක් ලෙස ඉදිකිරිමට එවකට ජර්මනියේ චාන්සලර්වරයාව සිටි ආචාර්ය හෙල්මුට් කෝල් මහතා තීරණය කළ අතර හෙල්මුට්කෝල් පදනම විසින් පිරිනැමුණු ප්‍රදානයක් මගින් රජය විසින් ලබාදුන් ඉඩමක සුනාමියෙන් වසරකට පසු එනම් 2005 දෙසැම්බර් 26 දින මේ සඳහා මුල් ගල තැබුවා.

මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් 2008 වසරේ මෙම ව්‍යාපෘතිය ඇනහිටි අතර 2012 වර්ෂයේදී නැවත මෙහි ඉදිකිරීම් ආරම්භකර ඇති අතර ඒ සදහා ජර්මනියේ KFW (ජර්මන් සංවර්ධන බැංකුව) හා මුදල් අමාත්‍යාංශය අතර ඇතිකරගත් ගිවිසුමක් මගින් යූරෝ මිලියන 28ක සහන මුදල් මේ සඳහා වෙන් කෙරුණා.

2018 වර්ෂයේදී KFW බැංකුව සමඟ යුරෝ මිලියන 13ක් සඳහා වෙනම ගිවිසුමක් අත්සන් කළ නමුත් පසුව එම යුරෝ මිලියන 13ක ප්‍රදානයක් බවට පරිවර්තනය වූ බව සඳහන් වෙනවා.

Recent Posts

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි

හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…

5 hours ago

Toyota ‘Baby Land Cruiser’ රථයට ඉහළ ඉල්ලුමක්! මිල රුපියල් කෝටි ගණනකට ආසන්නද?

ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…

19 hours ago

“We Have Only Three Years Left… We Will Spend All Three Years Catching the Thieves” – President Anura

President says government will continue its fight against corruption during the remaining three years of…

23 hours ago

“අපිට තව අවුරුදු 3යි තියෙන්නේ… ඒ අවුරුදු තුනේම හොරු අල්ලනවා” – ජනපති අනුර

නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…

23 hours ago

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

4 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

4 days ago