දේශීය

ලාංකිකයින් සඳහා ඊශ්‍රායලයේ වැඩි රැකියා අවස්ථා – මනුෂගේ ඊශ්‍රායල් සංචාරයේදී රැකියා සදහා එකගතා රැසක්

ඊශ්‍රායලයේ සාත්තු සේවය, හෝටල්, ආපනශාලා, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ඇති පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඇති ඉහළ රැකියා අවස්ථා සම්බන්ධයෙන් රටවල් දෙකෙහිම රජයන් අතර එකඟතා ඇති කරගැනීමට හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (20) ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ රාජ්‍යතාන්ත්‍රියින් සමග පැවති සාකච්ඡාවලදී ඉහත පුරප්පාඩු පිළිබඳව අනාවරණය වූ බවත් එම රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම සදහා දෙපාර්ශ්වය අතර එකඟතා ඇති කරගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව සොයා බැලීම සහ එයට අදාළ තවත් එකඟතා කිහිපයක් එරට බලධාරීන් සමග ඇති කරගැනීම සඳහා ඊශ්‍රායලයේ නිල සංචාරයක යෙදෙන
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා, ඊශ්‍රායෙල් රැකියා සඳහා බඳවාගැනීම් සිදු කරනු ලබන්නේ අමාත්‍යාංශයේ ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන ඔස්සේ බව අවධාරණය කළ අතර වැඩිදුරටත් රටවල් අතර සාකච්ඡා පිළිබඳව මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායෙල් රාජ්‍ය අතර තියෙන රාජ තාන්ත්‍රික ගිවිසුම අනුව ශ්‍රමිකයන් ඊශ්‍රායලයට යැවීමේ කටයුතු සඳහාත් එහි වෙසෙන ශ්‍රමිකයන්ගේ තත්ත්වය පරීක්ෂා කර බලන්නත් තමයි අපි ඊශ්‍රායලය කරා ආවේ. විශේෂයෙන්ම ඊශ්‍රායෙල්හි ‘පීබා’ ආයතනය ගැන වගකීම දරන එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව භාර අමාත්‍යවරයා, ප්‍රවාහන ක්ෂේත්‍රය භාර අමාත්‍යවරයා, කම්කරු අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යවරුන් පස් දෙනෙකු මුණ ගැසී, සාකච්ඡා කිරීමට අපට පුළුවන්කම ලැබුණා.

කම්කරු අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳව, ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, වැඩ කටයුතු, වැටුප් පිළිබඳව අපි සාකච්ඡා කළා. එහි විශේෂම කාරණාව තමයි දැනට ක්‍රියාත්මක සාත්තු සේවිකාවන් යැවීම තවදුරටත් වේගවත් කරන්නටත් එම වැඩපිළිවෙළ තවත් සක්‍රීය කිරීම සඳහාත් තීන්දු තීරණ රාශියක් ගන්නට අපිට පුළුවන්කම ලැබීම. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා දැනට පවත්වා තියෙන්නේ එක් පරීක්ෂණයයි. තවත් පරීක්ෂණයක් මැයි මාසයේ මුල පවත්වන්නට පුළුවන්කම ඉදිරියේදී අපට ලැබෙනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අමතරව ප්‍රවාහන අමාත්‍යාංශය සමග අපි සාකච්ඡා කළා. පාරවල් කාපට් කිරීම යනාදී අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා රැකියා අවස්ථා ලබාගන්නට අපට පුළුවන්. ඒ පිළිබඳව පුළුල් දැනුවත්කිරීමක් ඉදිරියේදී අපි කරන්නට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම හෝටල් ක්ෂේත්‍රයේ තිබෙන සියලු රැකියා, ආපනශාලා සඳහා කම්කරුවන්ගේ අඩුපාඩුවක් ඇති බව සාකච්ඡාවලදී සඳහන් කළා. ඒ සියලු පුරප්පාඩු සඳහා අපේ ශ්‍රමිකයින් යවන්න දෙපාර්ශ්වය අතර එකඟතා ඇති කරගැනීමට පුළුවන්කම ලැබුණා මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයට කාන්තාවන් යම් ප්‍රමාණයක් පිටත් කර යැවීමටත් අවශ්‍ය ප්‍රතිපාදන, විධිවිධාන සලසගන්න පුළුවන්කම අපිට ලැබුණා. මේ තොරතුරු අපි කියන්න සූදානම් වෙන්නේ සහ මේ අය අලුතින් යැවීම පිණිස ලියාපදිංචි කරගැනීම සඳහා අප සූදානම් වන්නේ ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන සමගින් පමණයි.

ඒ නිසා අපි ආරාධනා කරනවා ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනට එන්න. එතනදි ඕනෑම කෙනෙකුට ඊශ්‍රායලයට යන්න ලියාපදිංචි වෙන්න අවකාශය සලසගන්න පුළුවන්. මාතලේදී අපි සිකුරාදා, සෙනසුරාදා (22,23) ‘ජයගමු ශ්‍රී ලංකා’ සමග හමුවෙමු.”

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

කතානායකවරයා හරහා විපක්ෂ නායකගෙන් විශේෂ ඉල්ලීමක්

2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා…

40 mins ago

අපිට ඕනේ කවුරුත් සමගියෙන් ඉන්න රටක්! ජනපති ඉබ්බාගමුව ඇමතූ කතාව

ඉබේබාගමුව ජනරැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සෙහෝදරයා සිදු කළ කතාව - 2026.10.11 අෙප් ආණ්ඩුව…

43 mins ago

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි

හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…

8 hours ago

Toyota ‘Baby Land Cruiser’ රථයට ඉහළ ඉල්ලුමක්! මිල රුපියල් කෝටි ගණනකට ආසන්නද?

ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…

22 hours ago

“We Have Only Three Years Left… We Will Spend All Three Years Catching the Thieves” – President Anura

President says government will continue its fight against corruption during the remaining three years of…

1 day ago

“අපිට තව අවුරුදු 3යි තියෙන්නේ… ඒ අවුරුදු තුනේම හොරු අල්ලනවා” – ජනපති අනුර

නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…

1 day ago