දේශීය

චාමර ගැන හදිසියේම ලැබුණු ආරංචිය

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ තත්ත්වය ගැන සඳහන් කරමින් මුහුණු පොතට සටහනක් එක් කොට තිබෙනවා.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා විසින්.

එම සටහන පහතින්,

ආදරණීය චාලි . අදට හරියට ම මාසයක් කලුබෝවිල දැඩි සත්කාර ඒකකයේ.
ගෙවී ගිය දවස් තිහේම මේ රටේ මිනිස්සු චාලිට ආශීර්වාද කලා.
චාලි ගේ සහෝදරයො ටික සහෝදරියො ටික හැමෝම එක වගේ චාලි වෙනුවෙන් වෙහෙසුනා උනන්දු උනා. දුරකථනයෙන් කතා කරල බොහෝ රසික පිරිසක් චාලී ගැන හොයල බැලුව.
වෙන රටකට ගිහිල්ලා හරි බෙහෙත් කරමු අපි වියදම් කරන්නම් කියල පුද්ගලිකව කතා කරපු නන්නාදුනන මිනිස්සු හිටියා. මේ දවස් තිහේම නොකඩවා උදේ දවල් හවස චාලි ගෙ බිරිද කලුබෝවිල රෝහලට ආවා.
ඇය සමහර දවස් වල රෝහලෙන් එළියට ආවේ බොහෝම කැලබීමෙන් . චාලී ගැන උනන්දුවක් නොතිබුණු යාලුවෙක් නැති තරම්. රටේ හැමෝම චාලි ගැන හොයල බැලුව .
ඒත් මාසයක් ගතවෙන අද ඇත්තටම යම් සැනසීමක් තියන දවසක්.
අද චාලි බලන්න ගියා. ඒ වෙලාවෙ නින්ද ගිහින්. විනාඩ් දෙක තුනකින් ඇස් අරිද්දි මාව දැකපු චාලි හඩක් නැතුව තොල් අතරින් නිරෝ කියල අතින් අල්ලා ගත්තා .
රටේ හැම තැනම මිනිස්සු ඔයා බලාගෙන ඉන්නවා.
හෙමිහිට නැගිටිමු කියද්දි උබේ ඇස් දෙපැත්තෙන් එච්චර කදුළු එනවා මම කවදාවත් දැකලා නෑ මිත්‍රයා .
තව දවස් කීපයකින් දැඩි සත්කාර ඒකකයෙන් චාලී එලියට එයි .
ඒත් රෝහලේ තව යම් කාලයක් ඉන්න වෙයි.
චාලී වෙනුවෙන් වෙහෙසෙන කලුබෝවිල රෝහලේ සියලුම දෙනාට ගොඩාක් පිං .
හොයා බලපු ආදරේ කරපු ආදර්ණීය උතුම් මිනිසුනි ඔබටත් බොහෝම පිං .
චාලී ආයෙමත් අපි ඉස්සරහ සින්දු කියන දවසක් එන තෙක් අපි වෙනදා වගේම චාලි ට ආශීර්වාද කරමින් බලා සිටිමු. බුදුසරනයි ,
දෙවි පිහිටයි චාලී

Recent Posts

BREAKING හිටපු ඇමති ජොන්ස්ටන් FCID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ…

12 hours ago

වසර 54කට පසු මිනිසුන් චන්ද්‍රයාට ගමන්කරයි – නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රෑ..

නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දක්නට ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු…

3 days ago

ජනපතිගෙන් නව වසරට සුබ පැතුම්

2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට…

5 days ago

විශේෂ විමර්ශන වාර්තාව: “ගංවතුර විදේශ ආධාර ඩොලර් උල්පත” – ශ්‍රී ලංකාවට ගැලපෙන සැබෑ සංවර්ධන ආකෘතිය

සැකසුම: ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සෙනරත් දිසානායක දිනය: 2025 නොවැම්බර් 29 තේමාව: ආපදා කළමනාකරණය සහ තිරසාර ආර්ථික…

1 week ago

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62 ක් මෙරට සුව සේවාවට …

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද…

1 week ago

​ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය ඉතා ප්‍රශස්ත මට්ටමක – UN හී නිත්‍ය සම්බන්ධීකාරක අගමැතිනිය හමුවේ කියයි

​අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ශ්‍රී ලංකා නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ…

2 weeks ago